කොළඹ සුජාතාවෝ තෙමඟුල සමරමින් මහියංගනයේ පවුල් 60කට ආධාර බෙදාදෙයි

අසිරිමත් තෙමගුලට කොළඹ සුජාතාවෝ මහියංගන දුෂ්කර ගම්මානයේ පවුල් 60කට මාසයකට අවශ්‍ය අඩුම කුඩුම බෙදා දෙති. මුදලිනුත් 5000 බැගින් බෙදා දෙයි. වනඅලි විසින් පෙරලු නිවාස දෙකකටද පිහිට විම කාගේත් නෙතට කදුලු එක්කල සංවේදි අවස්ථාවක් විය.

දකුණු කොළඹ(05) සුජාතා බාලිකා විද්‍යාලිය දැරියන් හා ගුරුමණ්ඩලය සහ දෙමාපියන් එක්ව අසිරිමත් තෙමගුල වෙනුවෙන් මහියංගන, දෙහිගොල්ල, තරුණව්‍යාපාරය ගම්මානයේ දැඩි දුෂ්කරතාවයෙන් පෙළෙණ නිවාස හිමි පවුල් 60ක් සදහා මාසයකට අවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය හා රෙදි පිළි අද (03) උදැසන ගම්මානයේ නිවෙස් වෙතම ගොස් බෙදා දිම සිදු කල අතර ඒ සෑම නිවසක් සදහාම මුදලින් රුපියල් 5000ක පරිත්‍යාගයක්ද සිදු කරන ලදි.

ඩි එස් සේනානායක විද්‍යාලයේ විද්‍යාලයේ ශාෂ්ත්‍රපති මහියංගනයේ උපරතන හිමියන් ගේ සම්බන්ධිකරණයෙන් හා දකුණු කොළඹ සුජාතා බාලිකා විද්‍යාලිය විදුහල්පතිනි ආර් පි විජේසිංහ මහත්මියගේ මැදිහත් විමෙන් හා සංවිධානයෙන් විද්‍යාලිය දැරියන්ගේ හා දෙමාපියන්ගේ මුදල් පරිත්‍යාග හා ද්‍රව්‍ය පරිත්‍යාගයෙන් මෙම පුණ්‍ය කර්මය සිදු කිරිමට හැකි වු බව විදුහල් පතිතුමිය ප්‍රකාශ කල අතර වාර්ෂිකව සිදු කරනා සමාජ සත්කාර වලින් 2015 වර්ෂයේ අතිදුෂ්කර ගම්මනයක ජිවන අරගයයේ යෙදි සිටින ගම්වාසින් හට පිහිටක් විමට සියලු දෙනාගේම අභිප්‍රාය වු බවත් ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව මහියංගන, දෙහිගොල්ල, තරුණ ව්‍යාපාරය ගම්මානය තෝරාගත් බව වැඩිදුරටත් විදුහල් පතිනිය විසින් ප්‍රකාශ කර සිටියේය.

ගම්මානයේ පසුගිය 27 වන දින වන අලි විසින් පෙරලා විනාශ කල ගෙවල් දෙකක පවුල් සදහාද විදුහල්පතිතුමිය ඇතුලු දරු දැරියන් විසින් වියලි ආහාර සලාක බෙදා දි මුදල් පරිත්‍යාගයන් සිදු කල අතර එම අවස්ථාව කාගේත් නෙතගට කදුලු එක්කල සංවේදි අවස්ථාවක් විය.

වියලි ආහාර සලාක හා බඩුමුට්ටු පැට වු ලොරි රථයක් හා බස් දෙකකින් පැමිණි දැරියන් ලෑන්මාස්ටර් රථවලට ද්‍රව්‍ය පටවා ගම්මානයේ නිවාස වෙතටම ගොස් ද්‍රව්‍ය බෙදාදිම මෙහිදි සිදු කරන ලදි

අසිරිමත් තෙමගුලේදි මෙවැනි පරිත්‍යග සිදු කර අඩුපහසුකම් රැසක් මැද ජිවත් වන අසරණ පවුල් සදහා පිහිටක් විමට ලැබිම හා දුකේදි පිහිට විම තුලින් තම විද්‍යාලිය දරු දැරියන් යහපත් සමාජ සාර ධර්ම ඉගෙන ගැනිමට අවස්ථාව මෙවැනි වැඩ සටහන් තුලින් ලැබෙන බව කොළඹ 05, සුජාතා බාලිකා විද්‍යාලිය විදුහල්පතිනි ආර් පි විජේසිංහ මහත්මිය පැවසිය.
















Share this