මහින්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීන් සභාව මැද වාඩි වෙයි (Photo and Video)

හිටපු ජනාධිපති මහින්ද රජපක්‍ෂ මහතා අල්ලස් කොමිසම හමුවේ ප‍‍්‍රශ්න කිරීමකට ලක් කර අපහාසයට ලක් නොකරන ලෙස ඉල්ලමින් විපක්‍ෂ මන්ත‍‍්‍රීවරුන් විශාල පිරිසක් අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී විරෝධය දැක්වූවා. ඒ සභා ගැබ තුළ වාඩි වෙමිනි. 

දිනේෂ් ගුණවර්ධන, කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, දි.මු. ජයරත්න ඇතුළු මන්ත‍‍්‍රිවරුන් විශාල පිරිසක්  පාර්ලිමේන්තු සභා ඝර්භය මැද වාඩි වී විරෝධය පෑමට එක්වුණා. ඔවුන් පවසන්නේ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉදිරිපත් නොකරන බවට ලිඛිත පොරොන්දුවක් දෙන තෙක් පාර්ලිමේන්තු සභා ඝර්භයෙන් නොනැගිටින බවයි.

මේ අතර කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව හෙටට කල් දමා තිබේ.




























Share this