පෙම් යුවළ දියලූ‍ම ඇල්ලට දිවි දෙති - පැන්න හැටි වීඩියෝව මෙන්න....!

පේ‍්‍රම සබඳතාවයකට දෙමාපියන් විරුද්ධ වීම නිසා සිත් තැවුලට පත් තරුණ පෙම් යුවළක්‌ ඊයේ (19 දා) පස්‌වරුවේ හපුතලේ දියලූ‍ම ඇල්ලෙන් පහළට පැන සිය දිවි නසාගෙන තිබේ.

මෙම තරුණ යුවළ ඊයේ (19 දා) පස්‌වරුවේ දියලුම ඇල්ල වෙත පැමිණ ඔවුන් හිතවතකුට දුරකථන ඇමතුමක්‌ දී තමන් ඇල්ලෙන් පැන සිය දිවි නසාගන්නා බව පවසා මෙලෙස දිවි හානිකරගෙන ඇතැයි පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී ඇත. දුරකථන ඇමතුම ලැබුණු පුද්ගලයා ඒ මොහොතේම 119 පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට කළ දැනුම් දීමකට අනුව කොස්‌ලන්ද පොලිසියේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ කඩිනමින් දියලුම ඇල්ල වෙත ගොස්‌ ඇතත් පොලිසිය එහි ළඟා වන විටත් තරුණ යුවළ ඇල්ලෙන් පහළට පැන තිබූ බව පොලිසිය සඳහන් කරයි.

දියලුම ඇල්ලෙන් පැන සියදිවි හානි කර ගත් පෙම්වතාගේ මළ සිරුර පොලිසිය අද (20) සොයා ගත්තා. අද පෙරවරුවේ මෙලෙස හමුවී ඇත්තේ සියදිවි නසාගත් 19 හැවිරිදි තරුණයාගේ උඩුකය කොටසයි. මියගිය 17 හැවිරිදි තරුණියගේ මළ සිරුර ඊයේ (19) දිනයේදීම සොයාගත්තා. මෙලෙස සියදිවි නසාගෙන ඇත්තේ ටී.එම්. සකුන්තලා (16) සහ ඇයගේ පෙම්වතා වන සරවන යෝගරාජා (17) නමැති බාලවයස්කරුවන් දෙදෙනෙකි.


Share this