රංගනයට මෝස්තර නිරූපණයට උපන් හපන්කම් ඇති නෙකිටා

මෝස්තර නිරූපණයෙන්, රංගනයෙන් මෙන්ම ඡායාරූපකරණයෙන් ප්‍රේක්ෂක හදවත් දිනාගත් නෙකිටා රෙෂානි සමග සිරස ගොසිප් කළ සම්මුඛ සාකච්ඡාවකි මේ.

ඔබේ සම්පූර්ණ නම
නෙකිටා රෙෂානි 

ඔයා ගොඩක් උසයි. උස කියක් විතර වෙනවාද? 
5.5යි. නිරූපිකාවක් විදිහට උස ගොඩක් වැදගත් වෙනවා.

ගම ප්‍රදේශය කොහේද? 
වත්තල

පවුලේ වෙන කවුද ඉන්නේ 
පවුලේ ඉන්නේ තාත්තා, අම්මා, මල්ලි. තාත්තා නම් දැනට විදේශ ගත වෙලා ඉන්නේ. මල්ලි DJ කරනවා. උත්සව අවස්ථාවන්හිදීත් DJ කරනවා. මගේ සියලුම රූපලාවන්‍ය වැඩ කරන්නේ මගේ අම්මා. මොකද මගේ අම්මා රූපලාවන්‍ය ශිල්පිනිණියක්. 

ඔබ වඩාත් ප්‍රසිද්ධ කුමක් සඳහාද?
මෝස්තර නිරූපණයට, රංගනයට සහ ඡායාරූපකරණයට.

විනෝදාංශය මොකක්ද?
ඡායාරූපකරණය. මගේ ඡායාරූපකරණයට අවශ්‍ය සියලුම උදව් උපකාර කරන්නේ මගේ ලොකු අම්මා. ලොකු අම්මා තමයි ඊට අමතරව මම කේක් නිර්මාණයත් කරනවා. 

කේන්දර හෝ ලග්න පලාපල විශ්වාස කරනවාද? 
කේන්දර ලග්න පලාපල මම විශ්වාස කරන්නේ නැහැ. 

උපන් දිනය කවදද? කැමැති නම් විතරක් වයසත් කියන්න... 
ඔක්තෝම්බර් 12. වයස ඕනි නැහැ නේද

මුලින්ම කැමරාවක් ඉදිරියේ සිටිය දවස මතක් කළොත් 
මම මුලින්ම කැමරාවක් ඉදිරියේ වැඩසටහනකට එක්වුණේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු බටහිර අහස වැඩසටහනේ නිරූපිකාවක් විදිහට.

ඒ වගේම මේ වෙද්දි රංගනයෙන් දායක වූ නාට්‍ය ගැන සඳහන් කළොත් 
මම හිරු ටීවී එකේ තෙවැනි ඇස වැඩසටහනට සහ පෝය දිනවල විකාශය වන කසාවත වැඩසටහනට සම්බන්ධ වී තිබෙනවා.  ඒ වගේම මං රංගනයෙන් දායක වුණු තවත් නාට්‍ය කිහිපයක් නම් කොළඹ අහස, ඉස්සරහට යන්න(ජාතික රූපවාහිනිය), දියමත ලියමි (ITN), සිහිනයකි ජීවිතයේ(හිරු ටී.වී.) යන ටෙලි නාට්‍යයන්. ඒවාට මාව සම්බන්ධ කර ගත් සැමට ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කර ගන්නවා. මොකද මම ඒ දේවල්වලින් රංගනය සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම ආයෙත් කියන්නේ ඒවාට මා සම්බන්ධ කර ගත්තාට බොහෝම ස්තුතියි. 

මේ සියලුම වැඩවලට කවුද ඔයාට උදව් කරන්නේ
මගේ ගෙදර අය තමයි මගේ පිටුපසින් සිටගෙන මාව දිරිමත් කරන්නේ. විශේෂයෙන්ම මගේ අම්මා සෑහෙන්න සහයෝගයක් දක්වනවා. මගේ විලාසිතා කුමන ආකාරයෙන් විය යුතුද කියලා අදටත් ඇඳුම් තෝරලා දෙන්නෙත් මගේ අම්මා. ඒ වගේම මගේ හැම දුකකදීම මෙන්ම සැපකදීම මගේ ළඟින්ම ඉන්න හොඳම කෙනා මගේ අම්මා ඇතුළු පවුලේ සියලු දෙනා. 

රංගනය, මෝස්තර නිරූපණය ඡායාරූපකරණය හැර ඔබ වෙනත් දක්ෂ මොනවටද? 
නිවේදන කටයුතුවලටත් මං හරි ආසයි. එවැනි අවස්ථාවක් ලැබුණහොත් මම ඉතාමත් සංතෝෂයෙන් භාරගෙන ඊට සාධාරණයක් වන ආකාරයෙන් කටයුතු කරනවා. ඉතින් මං පොඩි කාලේ ඉදන්ම ගොඩක් ආසයි නිවේදන කටයුතු කරන්න. ඒ වගේම රංගනයට මෙන්ම මෝස්තර නිරූපණයට. ඒ වගේම මම පුවත්පත් කිහිපයක අතිරේකයන්හි මුල්පිටුව සරසා තිබෙනවා. 

මොනවද අනාගත බලාපොරොත්තු 
ටෙලිනාට්‍ය, චිත්‍රපටවල හොඳ නිර්මාණයක හොඳ චරිතයක්... ඒ කියන්න මිනිස්සුන්ගේ මතකයේ හැමදාම තියෙන චරිතයක් කරන්න තමයි ආස. ඒ වගේම මෝස්තර නිරූපණයේ තවත් ඉදිරියට යන්නත් මම කැමැතියි. ඒ වගේම මම විවිධ උත්සව අවස්ථාවන්, පාටි, උපන් දින සාද ආදිය ඡායාරූපකරණයටත් කැමැත්තෙන් ඉන්නවා. ඒ සම්බන්ධ පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න තමයි හිතන් ඉන්නේ. 

මෝස්තර නිරූපණයේ යෙදෙන නෙකිටාගේ ඡායාරූප කිහිපයක්. 










හිරු ටී.වී. ඔස්සේ විකාශය වුණු තෙවැනි ඇස වැඩසටහන ඡායාරූප කිහිපයක් සහ තවත් රංගන අවස්ථාවක ඡායාරූප කිහිපයක්...












නෙකිටා රංගනයෙන් දායක වුණු කසාවත ටෙලි නාට්‍යයෙහි ඡායාරූප එකතුවක්











Share this