භූ කම්පනයෙන් ප්‍රකට බෞද්ධ විහාරයකට හානි - බුදුන්ගේ දෑස් නිරූපිත චෛත්‍යය නොසෙල්වේ [VIDEO]

නේපාලයට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් එරට ස්වායම්භූනාත් බෞද්ධ විහාර සංකීර්ණයටද අලාභානි සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. පස් වැනි සියවසේදී සොයා ගන්නා ලද මෙම බෞද්ධ විහාර සංකීර්ණය ඇතැම් ගොඩනැගිලි භූ කම්පනයෙන් කඩා වැටී තිබේ.

කෙසේ වෙතත්, බුදු රදුන්ගේ දෑස් විදහා දැක්වෙමින් විහාර සංකීර්ණය මධ්‍යයේ පිහිටි සුවිශේෂී චෛත්‍යය රාජයාණන්ට මෙම භූ කම්පනයෙන් කිසිදු අලාභානියක් සිදුව නොමැති බවද කියැවෙයි. එමෙන්ම විහාර සංකීරණයේ වූ හිඳි පිළිම වහන්සේද නොසෙල්වී වැඩ සිටිනු දැකගත හැකිවී තිබේ.

මේ අතර, නේපාලයේ ප්‍රකට ඓතිහාසික ගොඩනැගිල්ල්ක ලෙස සැලකෙන ධරහාර ගොඩනැගිල්ල භූ කම්පනයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

වරක් කත්මණ්ඩු නුවර උසම ගොඩනැගිල්ල ලෙස පැවති මෙය නේපාලයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා විසින් වර්ෂ 1832 දී ඉදිකරන ලද්දකි. බිම්සෙන් කුලුණ ලෙසක ප්‍රකටව පැවති මෙහි පඩි 200ක් පමණ නැග ඉහළට ගියවිට නගරය පුරා අපූර්ව දර්ශනයක් නැරඹිය හැකි බව කියැවෙයි.

1934 දී නේපාලයට බලපෑ භූ කම්පනයෙන්ද මෙයට හානි සිදුවූ අතර, පසුව එය යළි ප්‍රතිසංස්කරණය කරමින් එරට ප්‍රකට සංචාරක ගොඩනැගිල්ලක් බවට පත්කර තිබුණි.






Share this