දේශපාලන ලොක්කාගේ බාර් එකට මූත‍්‍රා කිරිල්ල ගොඩකවෙලදී ගුටි කෙළියකින් අවසන් වූ හැටි [Video සහිතයි]

මත්පැන් අලෙවි හලකට බලහත්කාරයෙන් ඇතුළු වී එහි සිටි පුද්ගලයින්ට පහර දී දේපල පැහැර ගැනිමේ චෝදනා මත ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති සුරංජිත් මොරමුදලි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

උප සභාපතිවරයා ඇතුළු කණ්ඩායමක් මෙම පහර දීම සිදුකරන ආකාරය ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන් වී තිබුණා.

ගොඩකවෙල නගරයේ පිහිටි මත්පැන් අලෙවි සැලක් ඉදිරිපිටට ගොඩකවෙල ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති හා තවත් පුද්ගලයෙකු පැමිණෙන්නේ ඉකුත් ඉරිදා රාත‍්‍රියේ 10.30 ට පමණයි. ඔවුන් වසා තබා තිබෙන මත්පැන් අලෙවි සැලේ දොර ඉදිරිපිට මුත‍්‍රා කර තිබෙනවා.

මේ සිද්ධිය දකින සුරා සැලේ හිමිකරු හා එහි සේවකයින් දොරටුව විවෘත කර එම අදාළ ක‍්‍රියාව සිදු නොකරන ලෙසට දැනුම් දීමක් කරනවා. අනතුරුව එම ස්ථානයෙන් උප සභාපතිවරයා ඉවත්ව යන අතර අනෙක් පුද්ගලයා හා තවත් අයෙක් මත්පැන් හලේ සේවකයින් සමග ගැටුමක් ඇති කර ගත්තා.

එහි Video වීඩියෝව පහතින්....


Share this