සැලසිනේ මුල් පුටුව තුසිතට

ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ සැලසිනෙ රූපවාහිනි ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ප‍්‍රවීන සිනමා හා රූපවාහිනී මාධ්‍යවේදියෙකු වන තුසිත ජයවර්ධන මහතා පත්කර තිබේ.

මණ්ඩාවල කනිෂ්ඨ විදුහලේ සහ කොළඹ රාජකීය විදුහලේ ආදි ශිෂ්‍යයකු වන ඒ මහතා සම්මාන රැසකින් පිදුම් ලැබූ රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු සම්මානනීය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු වාර්තා චිත‍්‍රපට අධ්‍යක්ෂවරයෙකු තිර රචකයෙකු ගීත රචකයෙකු ප‍්‍රචාරන මාධ්‍යවේදියෙකු මෙන්ම ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය කලාව පිළිබඳ ඉගැන්වීමෙහිලා ප‍්‍රවීනයෙකුද වේ.

පෞද්ගලික ප‍්‍රචාරන හා රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතන රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු කළමනාකාර අධ්‍යක්ෂවරයෙකු සහ සභාපති වරයෙකු වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා දේශපාලන ප‍්‍රචාරන කලාවේ සුවිශේෂී අත්දැකීම් ඇති අයෙකු ලෙසටද ප‍්‍රකටය.

Share this