වත්කම් හෙළිකර නෑ; සජින් වාස්‌ට නඩු

වත්කම් චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්‌ ගුණවර්ධන මහතාට (එජනිස) එරෙහිව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (20 වැනිදා) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් සිටි 2012 වසරේ සිට සිය වත්කම් හෙළි කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වත්කම් හා බැරකම් පනතේ 9 - 1 වගන්තියට අදාළව සජින් වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව නඩු පවරා තිබෙන්නේ.

ඒ අනුව අල්ලස්‌ කොමිසම ඊයේ (20) කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ මෙම නඩු පැවරීම සිදුකෙරුණා. එසේම ලබන 31 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද මන්ත්‍රීවරයාට නියෝග කර තිබෙනවා. අල්ලස්‌ කොමිසම සජින් වාස්‌ ගුණවර්ධන මහතාගෙන් වත්කම් සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ද පසුගියදා ලබා ගැනුණා.

Share this