තොණ්ඩාගේ හා සජීන්ගේ තවත් ගැහිල්ලක් හෙළි වෙයි

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අමාත්‍යවරයකුව සිටි ආරුමුගම් තොණ්ඩමන් සහ එම පාලන සමයේ විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීව සිටි සජින් ද වාස් ගුණවර්ධන මහතාගේ රාජ්‍ය වරප්‍රසාද ලබාගනිමින් පුද්ගලික සමාගම් පවත්වාගෙන ගොස් ඇතැයි අනාවරණය වී තිබෙනවා. 
මෙම අනාවරණය වන්නේ ඔවුන් දෙදෙනාට එකිනෙකට වෙන් වෙන්ව පවත්වාගෙන යන සමාගම් දෙකක සේවකයින් සඳහා වැටුප් නොගෙවීම මත සිය ජීවනෝපාය අහිමිවීමේ තත්ත්වයකට එම සේවකයින් පත්වීමත් සමගයි. 

සෞම්‍ය මූර්ති තොණ්ඩමන් පදනම සමගින් පවත්වාගෙන යන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ගණනාවක සේවය කරන අයට මාස 6ක පමණ වැටුප් ගෙවා නැති අතර එම මධ්‍යස්ථානවල ආරක්ෂාවට යොදවා සිටින කොස්මෝස් ආරක්ෂක සමාගමේ සේවකයන්ට මාස දෙකකින් වැටුප් ගෙවා නැත. 

ආරුමුගම් තොණ්ඩමන් මහතා එජාප, සන්ධන ආණ්ඩුවල විවිධ අමාත්‍යාංශවල සිටියදී එම අමාත්‍යාංශ මුදල් අයථා ලෙස තොණ්ඩමන් පදනමට යෙදවූවද දැන් එසේ කිරීමට නොහැකිවීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව හෙළි වනවා. 

හැටන්, නෝර්වුඩ්, කොටගල, නුවරඑළිය, තවලම්තැන්න ඇතුළු වතුකරයේ ප්‍රදේශ ගණනාවක වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබනවා. එම මධ්‍යස්ථානවල විශාල පිරිසක් සේවය කරන අතර මේ වනවිට එම සියලුම පවුල්වලට ජීව මාර්ග අහිමිවී ගොස් ඇත.

එසේම සජින් ද වාස් ගුණවර්ධන මහතාට අයත් කොස්මෝස් නම් පුද්ගලික ආරක්ෂක සමාගමද එම සේවකයන්ට වැටුප් ලබානොදීම නිසා එම පවුල්ද බරපතල ජීවන ගැටලුවලට මුහුණ පා සිටින බවද වාර්තා වනවා. 

Share this