ජෙනරාල් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට

හිටපු යුද හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හෙට (22) සිට ෆීල්ඩ් මාර්ෂල් ධුරයට උසස් කර තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නිල උත්සවය ගාලු මුවදොරදී හෙට පස්වරු 4 ට පැවැත්වීමට නියමිතයි. එහිදී හමුදා උත්තමාචාරයෙන් පසු ජනාධිපතිතුමා ‍ෆීල්ඩ් මාර්ෂල් ධුරය සංකේතවත් කැරෙන යෂ්ටිය පිරිනැමීමට නියමිතයි.

ශ්‍රී ලාංකේය ෆීල්ඩ් මාර්ෂල් ධුරයට පත්වන ප්‍රථම හමුදා නිලධාරියා සරත් ෆොන්සේකා මහතායි. මෙය තරු පහේ නිලයකි. මේ තනතුර දිවි ඇති තෙක් විශ්‍රාම නොලබන සුවිශේෂී හමුදා තානාන්තරයක් ලෙස ද හැඳින්වෙයි.

වසර 30 ක් පැවැති කුරිරු යුද්ධය ජයග්‍රහණය කිරීමට යුද හමුදාවට නායකත්වය දුන් ඔහු රාජකාරියේ යෙදී සිටිමින් ජෙනරාල් තනතුර ලැබූ ප්‍රථම හමුදා නිලධාරියායි.

Share this