යෝෂිතත් CCDයට කැඳවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ  මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාසයට කැඳවා තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් සිල්වා මහතා පැවසුවේ අද පෙරවරුවේ ඔහුට පැමිණෙන ලෙස දැනුම් දී ඇති බවයි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලු ගුවන් යානය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතාට කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙස  දැනුම් දී ඇති බව හෙතෙම කියා සිටියේය.

Share this