ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිවයිනට (වීඩියෝ සහිතයි)

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද අළුයම දිවයිනට පැමිණියා. ඉන්දිය අග‍්‍රාමාත්‍යවරයා පිළිගැනීම සදහා අග‍්‍රාමාත්‍යවරයා ඇතුලූ‍ විශාල පිරිසක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ‍්‍රයට රැස්ව සිටියා.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයෙකු මෙරට නිල සංචාරයක නිරත වන්නේ වසර 27 කට පසුවයි. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අතර අද පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හමුවීමට නියමිතයි.

එමෙන්ම අද දහවල් මරදානේ මහාබෝධි අග‍්‍රශ‍්‍රාවක මහා විහාරයට යෑමට කටයුතු සූදානම් කර තිබේ. ඉන්දීය අග‍්‍රාමාත්‍ය වරයා දින 2ක් දිවයිනේ රැඳී සිටිනු ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයේ අද පෙරවරු 9.30 ට පමණ නරේන්ද්‍ර මෝදි මහතා පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා අද පස්වරුවේ ශ‍්‍රී ලංකා පාර්ලමේන්තුවට යාමට නියමිත අතර ඉන් අනතුරුව හිටපු ජනාධිපතිණිය මුණගැසීමට නියමිතව තිබේ.
දෙදින නිල සංචාරයෙන් පසු නරේන්ද්‍ර මෝදි මහතා හෙට පස්වරුවේ දිවයිනෙන් පිටව යාමට නියමිතයි.






Share this