ලෝචනාට වාරණයක්

මේ දවස්වල වැඩියෙන්ම සතුටින් ඉන්න නිළියව අපි හොයා ගත්තා. ඒ වෙන කවුරුවත් නෙවෙයි, ලෝචනා ඉමාෂි. ඇය මෙහෙම සතුටින් ඉන්නේ එක්තරා කාරණාවක් හින්දා. ලෝචිගේ ජීවිතයට හරියනම සහකරුවා හමු වෙලා. 'සොයා සොයා ආවා ඒ සෙව්ව මැණික හමු වුණා' කියාගෙන හැන්ඩ්සම් කොල්ලෙක් ලෝචිට ආදරෙයි කිව්වලු. ඇය ඉතින් එක පාරටම හා කියලා නැහැ.

ටිකක් විතර ගණන් උස්සලා. ඒක නිළියන්ගේ හැටියක්නේ. කොහොම හරි දැන් දෙන්නා පෙම්වතුන්ලු. ලෝචනා හිතාගෙන ඉන්නේ ඉතාම ඉක්මනින් පවුලක් පන්සලක් වෙන්න. මේ වන විට ලෝචි පෙම්වතියක් කියලා ඇයගේ ළඟම හිතවත් අය දන්නවා. හැබැයි ලෝචි මේ ගැන ප්‍රසිද්ධ කරන්න නම් හරිම අකැමැතියි. එයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ ලෝචිගේ පෙම්වතා ක්ෂේත්‍රයේම කෙනෙකු වීම.

තමන්ගේ අනාගත සහකරුවා පැහැර ගනියි කියලා හිතලද දන්නේ නැහැ ඇය ඔහුව මෙහෙම සඟවන්නේ. ලෝචනාගේ කට ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ.

ලෝචනාගේ කට තමයි කට. ඇය, මේ කෙරවළේ කතා කරන දෙයක් අනෙක් කෙරවළටත් ඇහෙන්නේ කන තිබ්බා වගේ. සමහරු නම් කියන්නේ ඇයගේ ගෙවල් අහල පහල සතෙක් සරුපයෙක්වත් ඉන්නේ නැහැ ඇයගේ මේ නලා කට නිසා. නමුත් මේ කට ලොක් කරන්න පුළුවන් ක්‍රමයක් අද අපි ඔබට කියා දෙනවා. ලෝචනාව දුටුව තැනදි ඇගේ පෙම්වතා ගැන අහන්න. අයේ කතා දෙකක් නැහැ ලෝචනාගේ කට ලොක් වෙන එක ලොක් වෙනවාමයි.

Share this