කීමිගේ කළු රුව දිලිසෙයි

කිම් කාර්ඩාශියාන් ගැන නිරන්තරව පුවත් මැවෙන බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇගේ සරාගී රූපය නිසාම මාධ්‍යකරුවෝ ඇය පිටුපස යති. මේ අතර ඇමෙරිකානු මාධ්‍ය පවසන්නේ ඇය නැවතත් ගැබ්ගෙන ඇති බවයි. 34 හැවිරිදි ඇය දැනටමත් එක්දරු මවකි. 

මේ අතර ඇය ලොස් ඇන්ජලීස් නුවර පැවැති උත්සවයක් සඳහා කිම් ඇගේ සරාගී රුව විදහා දැක්වෙන කළු ඇඳුමකින් සැරසී පැමිණීම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ලොස් ඇන්ජලීස්වල උපන් ඇය ඇමෙරිකාවේ ප්‍රකට නීතිඥවරයකුගේ දියණියකි. 

2014දී කේන් වෙස්ට් හා විවාහ වුණු ඇය ඊට පෙර ක්‍රිස් හම්ප්‍රීස් හා විවාහ වී සිටියාය. ලොව ඉහළම මිලක් ගෙවන රූපවාහිනී නිළිය වන්නේ ඇයයි. 2014 වන විට ඇය උපයෙගන තිබූ මුදල ඩොලර් මිලියන 45කි. 















Share this