මැක්ස්වෙල් ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසරණ කරයි


ලෝක කුසලානයේ බොහෝ පිරිසක් බලාපොරොත්තුවෙන් සිටි ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟය මේ වන විට පැවැත්වෙනවා. එහි පළමු ඉණිම ක්‍රීඩා කල ඕස්ට්‍රේලියාව දැවැන්ත ඉලක්කයක් හඹායාමයට ශ්‍රී ලංකා පිළට ලබා දෙමින් අගනා ලකුණු 375ක් රැස් කිරීමට සමත් වුනා.
මෙම ඉණිමේ කැපී පෙනෙන ක්‍රීඩකයා වූ ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ශතකයක් ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට නොනවත්වා පහර දෙමිනුයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ලසිත් මාලිංග කඩුලු 2ක් ලබාගත් අතර ඕස්ට්‍රේලියානු මුල් පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වුනා.

කෙසේ නමුත් ඕස්ට්‍රේලියානු මැද පෙල පිතිකරුවන් පාලනය කිරීමට ශ්‍රී ලංකා පිලට හැකිවුනේ නෑ. ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලකුණු 376ක ඉලක්කයක් හඹායායුතු වෙනවා.


මැක්ස්වෙල්ගේ සුපිරි ඉණිමේ වීඩියෝව


Share this