තරුණියක් දූෂණය කිරීමට පෙම්වතාට ගෙනත් දුන් අපූරු පෙම්වතිය

තම බාල සොහොයුරාගේ පෙර පාසල විසින් සංවිධානය කළ වාර්ෂික චාරිකාවට සහභාගී වූ දැරියක් එම චාරිකාවේ එක් නැරඹුම් මධ්‍යස්ථානයක් වූ මීගමුව වෙරලතීරයෙදී තමන් සමීපයට පැමිණි තරුණයෙක් ලබාදුන් දුරකථන අංකයට පසුව කතා කිරීමෙන් එම වයස අවුරුදු 15 මාස 8 ක බාලවයස්කාර දැරිය බරපතල ලෙස ස්ත්‍රී දුෂණයට ලක්ව තිබේ.
අදාළ තරුණයා සිය පෙම්වතිය මාර්ගයෙන් එම දැරිය එකී මීගමුව ප්‍රදේශයට කැඳවාගෙන ගොස් ඇති අතර පසුව එම පෙම්වතිය දැරිය තරුණයාට භාරකොට පලාගොස් බවට දැනගන්නට ඇත.
දැරිය ප්‍රදේශයේදීම රාත්‍රියක් නවතා මෙම අපරාධය සිදුකර ඇති බව මුලික තොරතුරු වලින් අනාවරණය විය.
පසුව දැරිය තම මව මාර්ගයෙන් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව දුරකථන වාර්තාද සහිතව අදාළ තරුණයාත් ඊට අනුබල සැපයු තරුණයාගේ පෙම්වතියත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී පරීක්ෂණ අවසන්කොට චෝදනා ගොනු කිරීමට මෙම නඩුව 16 දින නැවත කැඳවීමටත් කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් බන්ධුල විජේසිංහ මහතා නියම කළේය.
එසේ සැකපිට අත්අඩංගුවට ගැනුනේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ අතර අනුබලදුන් පෙම්වතිය දඹදෙණිය පදිංචිකාරියකි.

Share this