දැන් නම් මම ජ්‍යෝතිෂ විශ්වාස කරන්නේ නැහැ

තමා තවදුරටත් ජෝතිෂ්‍ය විශ්වාස නොකරන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් පකිස්තානු සඟරාවක් වෙත පවසා තිබේ. විනාඩි පහක කෙටි කාලයක් තුල හිටපු ජනපතිතුමා සමග යෙදුනු සංවාදය එම සඟරාවේ පලවී තිබු අතර එහිදී උතුරු නැගෙනහිර පලාත්වල මුස්ලිම් ජනතාව ජනාධිපතිවරණ සමයේදී නොමග ගොස් තිබු බවත් එයේ බොහෝ විට අන්තර්ජාතික බලපෑමක් විය හැකි බවද හිටපු ජනපතිවරයා විසින් පවසා තිබුණි.

පකිස්තානයේ ඇති කැරලි කෝලාහල නැවතුණහොත් රටට සෞභාග්‍ය උදාවෙතැයිද ඔහු විසින් පවසා තිබුණි. එම සඟරාවේ මාධ්‍යවේදියා ජනපතිගේ සංවාදය අවසන්කොට තිබුනේ මෙලෙසිනි. 

මාධ්‍යවේදියා : මට මේක අහන්න සිද්දවෙනවා...ඔබ තවමත් ජෝතිෂ්‍ය විශ්වාස කරනවාද?
හිටපු ජනපති : දැන් නම් විශ්වාස කරන්නේ නැහැ..(සිනාසෙමින්)

Share this