බාලවයස්කාර දරුවෙකු යොදාගෙන මැතිවරණ ප්රචාරක දැන්වීමක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුධර්මන් රදලියගොඩ මහතා ලබන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ළමා හා කාන්තා කාර්යාංශය විසින් ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ බාලවයස්කාර දරුවෙකු යොදාගෙන මැතිවරණ ප්රචාරක දැන්වීමක් නිර්මාණය කළ බවට චෝදනා එල්ලවී සිටි සුධර්මන් රදලියගොඩ මහතා අද (10) නීතිඥයින් මාර්ගයෙන් අධිකරණයට බාරවී තිබේ.
මෙහිදී ඔහුගේ නීතිඥවරයා පවසා ඇත්තේ අදාළ දැන්වීම නිර්මාණය කිරීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වගකිව යුතු නැති බව හා ඔහු විසින් කර ඇත්තේ ආයතන ප්‍රධානියා වන සභාපතිවරයාගේ නියෝගයක් ක්‍රියාත්මක කිරීමක් පමණක් බවයි.
ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විසින් ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිව සිටි අනුර සිරිවර්ධන මහතාගෙන් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස ද ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කර තිබේ.
කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු නිමා නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය විසින් කළ ඉල්ලීම සලකා බැලූ විනිසුරුවරයා සැකකරු 24 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ බව අප වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි.