අපි කාටවත් කඩේ ගියේ නැහැ - ගිය ආණ්ඩුවට වොයිස් කට් දුන්නේ සල්ලි වලට

පසුගිය ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනපතිවරයාගේ ජයග්‍රහණය උදෙසා නිල් බලකාය විසින් කලාකරුවන් පෙනී සිටි දැන්වීම් පෙළක් රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශය කරනු ලැබීය. එම දැන්වීම් වලට යොවුන් පරපුරේ ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි මෙන්ම ඔහුගේ බිරිඳ වන ජනප්‍රිය නිලි ෂෙරිල් රොමේන් ඩෙකර්ද පෙනී සිට තිබුණි. ජනාධිපතිවරණය අවසාන වීමෙන් පසුව කලක් නිහඬව සිටි රුවන්-ෂෙරිල් දෙපල අද දිනයේ පුවත්පතකට පසුගිය ආණ්ඩුවට සහය පලකළ දැන්වීම් පිළිබඳව අදහස් පලකොට තිබුනේ මෙලෙසිනි. 

ෂෙරිල් රොමේන් ඩෙකර් 
"මමවත් රුවන්වත් දේශපාලනය කරන්නේ නැහැ..කරලත් නැහැ...කලාකාරයෝ හැමෝම වොයිස් කට් දෙනවා ඒක හින්ද අපිටත් එකක් දෙන්න කියලා පහුගිය ආණ්ඩුවෙන් අපිට කතා කළා...ඉතින් අපි දුන්නා..අපිට පක්ෂයක් නැහැ...එක පැත්තකට බෙදිලා වැඩ කරන්නේ නැහැ...අපිට වොයිස් කට් දුන්නට සල්ලි හම්බුනා..වෙන වෙන වාසි දෙන්න පොරොන්දු උනා කියලා කව්රුහරි කියනවනම් ඒක සම්පුර්ණ බොරුවක්.."


රුවන් පෙනී සිටි දැන්වීම 



ෂෙරිල් පෙනී සිටි දැන්වීම 


Share this