යාත්‍රා සෝදිසිය ගෙදර ඉදන් - කොළඹ සරසවියෙන් තවත් හපන්කමක්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ යාත්‍රා කරන නැව් නිරීක්ෂණය වඩාත් පහසුවෙන් සිදු කිරීමට හැකි මෘදුකාංගයක් කොළඹ විශ්වවිද්‍යාලයේ සැලසුම් සහ පර්යේෂණ අංශයෙන් නිර්මාණය කර වෙරළ ආරක්ෂක අංශයට භාරදුන් බව මහාචාර්ය නිහාල් කොඩිකාර මහතා පවසනවා.
වෙසල් ට්‍රැෆික් මොනිටරන් නමින් හැඳින්වෙන මෙම මෘදුකාංගය මිරිස්ස වෙරළ ආරක්ෂක මූලස්ථානයේ පිහිටුවා තිබෙනවා. මෙම මෘදුකාංගය උපයෝගී කරගැනීම හේතුවෙන් නිශ්චිත ස්ථානයක නොසිට ජංගම දුරකථනයෙන් සහ පරිගණයක ඔස්සේ ඈත මුහුදේ ගමන් කරන නැව් නිරීක්ෂණය කළ හැකි වනවා.  මීට පෙර මෙම කටයුතු සිදු වූයේ රේඩාර් මගිනි. එවිට රේඩාර් ස්ථාපිත ස්ථානයේ සිට එම කාර්ය කළ යුතුව තිබුණි. 
මෙම මෘදුකාංගය ඇගයීමටද ලක්වී ඇත. ජාතික කර්තව්‍යයක් ලෙස සලකා මෙය නොමිලේ ප්‍රදානය කර තිබෙනවා. 
මහාචාර්ය නිහාල් කොඩිකාර මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආචාර්ය චමත් කැප්පෙටියාගම, ආචාර්ය රෙක්සි රෝසා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කපිල ඩයස්, පශ්චාත් උපාධි අපේක්ෂක කේ.ඩී. සඳරුවන් ඇතුළු කණ්ඩායමක් මෙය නිර්මාණයට දායක වී තිබෙනවා. 


Share this