ජනිත් උපන් දිනය සැමරූ හැටි

ප්‍රවීණ නළු නිළි යුවලක්වන ආනන්ද වික්‍රමගේ මහතාගේ සහ මානෙල් වානගුරු මහත්මියගේ වැඩිමල් පුතණුවන් වන ජනිත් වික්‍රමගේ උපන් දින සැමරුම වෙනුවෙන් පසුගිය 31 වනදා නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයෙදී ලේ දන්දීමේ කඳවුරක් සංවිධානය කර තිබුණා. මෙම ලේ දන්දීමේ කඳවුර නම්කර තිබුණේ #Janu29 ලෙසින්. අ


ද කාලයේ බොහෝ නළු නිළියන් ලොකු ලොකු හෝටල්වල අධික වියදමක් දරමින් උපන්දින සැමරුම් ගනිද්දී ජනිත් ඊට වඩා වෙනස්ම ආකාරයකින් තමයි මෙවරත් උපන් දින සැමරුම සිදු කළේ.



මෙම අවස්ථාවට ජනිත්ගේ පවුලේ අය මෙන්ම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් සහභාගි වී සිටියා. එහිදී ලේ පයින්ට් 200කට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට හැකි වූ බවයි ජනත් වික්‍රමගේ පවසන්නේ. ජනිත්ගේ මේ උතුම් ක්‍රියාවට සිරසගොසිප් අපිද සුබ පැතුම් එක් කරනවා.


ඡායාරූප හිමිකම - සීතාන් ගුණවර්ධන - Lassana Photos Gallery & Aruna Shantha Photography


                         

Share this