දරුවාට පිහියෙන් පහරදී දිවි නසාගත් මවගේ දිනපොතේ සටහන් වී තිබූ සංවේදී කතාව

ඇයි හැමදාම දුක්විඳින්න, වේදනා විඳින්න,සුසුම් හෙලන්න, මං ඉපදුනේ.. 

මළ මිනිය පෙට්ටියක හොවාගෙන ගේ මැද සාලයේ තබා අසලින් ඉඳ කිඹුල් කඳුළු හලා මට අවමන් නොකරනු මැන... 

වේයන්ගොඩ ප‍‍්‍රදේශයේ මවක් සිය සිව් හැවිරිදි දරුවාට පිහියකින් පහර දී ඇයද සියදිවි නසාගෙන තිබෙනවා. බරපතල තුවාල ලැබූ දරුවා ප‍‍්‍රථමයෙන් ඇතුළත් කළේ වතුපිටිවල මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි. මෙසේ මියගොස් ඇත්තේ කදිනප්පුලිගේ සාගරිකා නම් 32 හැවිරිදි විවාහක කාන්තාවක්.
ඇය වේයන්ගොඩ, කෝන්ගහවත්ත, දඩගමුව ප‍‍්‍රදේශයේ පදිංචිව සිටියා. 

ඇයගේ සැමියා වන 35 හැවිරිදි වෑපොළ පතිරණලාගේ ක්‍රිශාන්ත වෘත්තීයෙන් පෙදරේරුවෙක්.ඔවුනට දාව සිව් හැවිරිදි පිරිමි දරුවෙක් සහ 14 හැවිරිදි ගැහැණු දරුවෙකු ද සිටිනවා.

පොලිසිය පැවසුවේ අද උදෑසන තම සිව් හැවිරිදි දරුවාට පිහියකින් පහර දී ඇය සිය දිවි නසාගෙන ඇති බවයි. 

සිද්ධිය වන අවස්ථාවේදී දියණිය ද නිවසේ සිට ඇති අතර ඇය නිවසෙන් පිටතට දිවගොස් තිබෙනවා.දරුවාට පහර දීම සහ මව සියදිවි හානි කරගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. 

කෙසේ වෙතත් මියගිය සාගරිකාගේ මව පැවසුවේ, තම දුව සහ සැමියා අතර ආරවුල් පැවති බවයි.

මියගිය සාගරිකාට අයත් 2014 වසරේ දින පොතක් මවගේ භාරයේ තිබියදී හමුවී තිබෙනවා.

තමන්ට සැමියාගෙන් වන හිරි හැර සහ පීඩා ඇය දින පොතේ සටහන් කර තිබුණේ ජීවිතය පිළිබද කලකිරීමෙන්. 

මෙවැනි සිය දිවි නසාගැනීමක් පිළිබදව සාගරිකා ඉගි පලකර තිබුණේ තම දින පොතේ අවසන් පිටුවේ ලියන ලද සටහන් වලිනුයි. 

ජීවිතේ ගැන මට දැනෙන දේ විස්තර කරන්න වචන නැ. පුදුමාකාර වේදනාවක් මට දැනෙන්නේ. ගිනි ගොඩක් මැද ජීවත් වෙන්නේ මම පිච්චි පිච්චි. දරු පැංචෝ දෙන්නයි මායි දෙපොළක ඉන්නේ. මම මේ දුක දරාගෙන ඉන්නේ පුදුම වේදනාවකින් මං දුක්වෙනවා 
මීට අවුරුදු 31කට කලින් නොඉපදුනානම් කියලා, ඇයි හැමදාම දුක්විඳින්න, වේදනා විඳින්න,සුසුම් හෙලන්න, මං ඉපදුනේමම කාට දුන්න ගින්දරක් ද? මේ පත්තු වුණේ. හිතේ තියෙන වේදනාව දරාගෙන ඉන්න අමාරුයි. ඒත් ඒ දුක විදගන්නම වෙනවා. මේ විදවීම කවදානම් ඉවර වෙයි ද?
මට ඉල්ලීමක් අවසන් මොහොතේ කරන්නට ඇත ,මා මළ මොහොතේ සිට පැය 24ක් යන්නට පෙර පස් යට දමා වළලනු මැන කනත්තේ,මං මැරුණු පසු කිසිවෙකුගේ ආචාරයකින් මට ඵලක් නැත, මළ මිනිය පෙට්ටියක හොවාගෙන ගේ මැද සාලයේ තබා අසලින් ඉඳ කිඹුල් කඳුළු හලා මට අවමන් නොකරනු මැන. 

එහි සම්පූර්ණ වීඩියෝව පහතින්.... 


Share this