තුන්දෙනෙක් එකතු වෙලා හදන බබෙක්?

පුද්ගලයින් තිදෙනෙකුගේ DNA ජාන යොදා ගනිමින් දරුවන් බිහි කිරීම නීත්‍යානුකූල කිරීමට අදාළ තීරණාත්මක ඡන්ද විමසීමක් බි‍්‍රතාන්‍යයේ පැවැත්වුණා.

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පැවැත්වෙන නිදහස් ඡන්දයකින් මෙම ක‍්‍රමවේදය සඳහා අනුමැතිය ලබාදෙනවා ද නැද්ද යන්න පිළිබඳව තීරණය කරනවා. මෙම නව ක‍්‍රමවේදයේ ප‍්‍රධාන අරමුණ වන්නේ මවගෙන් දරුවාට පාරම්පරිකව දරුණු රෝගාබාධ වැලඳීම වළක්වා ගැනීමයි. මෙහිදී මව සහ පියාට අමතරව තවත් පුද්ගලයෙකුගේ ජාන සංයෝග කරමින් දරුවන් බිහිකිරීමයි නව තාක්ෂණික ක‍්‍රමවේදය ඔස්සේ සිදුකෙරෙනවා.

ඒ සඳහා අද අනුමැතිය ලැබුණහොත් පුද්ගලයින් තිදෙනෙකුගේ එකතුවෙන් බිහි වන දරුවන්ට නීත්‍යානුකූල භාවය ලබාදෙන ප‍්‍රථම රට බවට බි‍්‍රතාන්‍ය පත්වේ. එමෙන්ම මෙම නව තාක්ෂණික ක‍්‍රමවේදය මගින් වසරකට බි‍්‍රතාන්‍යයේ මව්පිය යුවළ 150කට වැඩි පිරිසක් ප‍්‍රතිලාභ අත්විඳිනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Share this