ශෂීන්ද්‍ර බලයෙන් පහ කර හරීන් උෟවේ බලය අල්ලයි

එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවට තරඟ වැදී එහි විපක්ෂ නායක ධූරයට පත් හරීන් ප්‍රනාන්දු මහතා අද (14) පස්වරු 01.14ට යෙදුණු සුභ මොහොතින් එම පළාත් සභාවේ මහ ඇමති ලෙස ඌව පළාත් ආණ්ඩුකාර නන්ද මැතිව් මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් මෛත්‍රී පාලනයට සහය පල කිරීම නිසා මෙම බල පෙරළිය සිදු විය.

පසුගිය ඌව පළාත් සභාවිදී වැඩිම මනාප ගත්තේද හරීන් ප්‍රනාන්දු වන අතර එවකට බොහෝ දෙනා පැවසුවේ හරීන් ලත් ජයග්‍රහණය අනාගතයේ එක්සත් ජාතික පක්ෂය බලයට ගෙන ඒමේ සුභ පෙර නිමිත්තක් බවයි. මේ අනුව මහ ඇමති ධූරය ලැබීමෙන් අනතුරුව මහත් ආඩම්බර කතා කී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විපක්ෂ නායක ධූරයට පත්වනු ඇත.


ඌව පළාත් සභාවේ මුළු මන්ත‍්‍රී ආසන ගණන 34ක්. ඡන්ද විමසීමේදී ඒවා බෙදී ගියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට 19ක්, එක්සත් ජාතික පක්ෂයට 13ක් සහ ජනතා විමුක්ති පෙරමුණට මන්ත‍්‍රී ආසන 2ක් වශයෙන්.

කෙසේවෙතත් අනුර විදානගමගේ, මන්ත‍්‍රී හරීන්ද්‍ර ධර්මදාස, සෙනරත් අත්තනායක සහ වඩිවේල් සුරේෂ් යන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් දිවුරුම් ප‍්‍රකාශ මගින් සිය සහාය හරීන් ප‍්‍රනාන්දු මහතාට ලබාදුන්නා. 




Share this