ශාරුක් ඛාන්ට ජයවේවා-තිලංග | ශාරුක් නෙවෙයි සල්මන් ඉන්නේ-නාමල්

පසුගියදා බොරැල්ල කැම්බල් පිටියේදී බොලිවුඩ් නළු සල්මන් ඛාන් සහභාගි වූ ජනරැළියකදී සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා සභාව අමතමින් පැවසුවේ ශාරුක් ඛාන්ට ජයවේවා යනුවෙනි. කෙසේ වෙතත් එම මොහොත් එම ස්ථානයේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එය සල්මන් ඛාන් ලෙස නිවැරදි කළේය.

මේ අතර එම රැළිය නිමවා සල්මාන් ඛාන් ඇතුළු පිරිස රාජගිරිය ප්‍රදේශයේ පැවැති ජනරැළියකට සහභාගිවීමට‍ද ගොස් තිබෙනවා. එම යන අතරවාරයේදී කලපළුවාව ප්‍රදේශයේදී ඔවුන් ගමන්ගත් රථ පෙරහැරේ තිබූ ඩිපෙන්ඩර් රථයක් කැන්ටර් රථයක ගැටී අසල තිබූ බස් හෝල්ට් එකකද ගැටී තිබෙනවා. එම අවස්ථාවේදී එහි සිටි ළමුන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. එක් ළමයකුගේ පාදයකට බරපතල තුවාල සිදු වී ඇති බවත් අනෙක් ළමයා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් පැවසෙනවා. 

Share this