කැසිනෝ රජාගෙන් පෙම්වතියට කෝටියක කරාබු ජෝඩුවක්

ඕස්ට්‍රේලියාවේ කෝටිපති කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් හා එරට නිරූපන ශිල්පිනියක වන මිරැන්ඩා කෙර් අතර පවතින රහස් ආදර සබදතාවය පිළිබදව අළුත්ම තොරතුරු කිහිපයක් විදෙස් මාධ්‍ය පසුගියදා අනාවරණය කළා. ඒ අනුව ජේම් පැකර් ඇය වෙත ඩොලර් ලක්ෂයක් එනම් ලංකාවේ මුදලින් රුපියල් එක්කෝටි හතලිස් ලක්ෂයකට ආසන්න වටිනාකමක් සහිත දියමන්ති කරාබු දෙකක් තෑගි කර ඇතැයි වාර්තා වනවා.

තිස් එක් වන වියේ පසුවන මිරැන්ඩා සුප‍්‍රසිද්ධ හොලිවුඩ් නළු ඕර්ලාන්ඩෝ බ්ලූම්ගේ හිටපු බිරිදද වනවා. පැකර් හා මිරුන්ඩා එකට සිටින අයුරු අවසාන වරට කැමරා ඇසට අසුවුනේ පසුගිය අගෝස්තු මාසයේ බව සදහන්. ඒ නිවාඩුවක් සදහා පැකර්ට අයත් සුඛෝපභෝගී යාත‍්‍රාවකින් ඔවුන් ස්පාඤ්ඤයේ වෙරළ තීරයට ගොස් සිටි අවස්ථාවේ බවත් අනාවරණය වුනා.

දැනට සති හතරකට පමණ කලින් තෑගී දී ඇති මේ කරාබු ජෝඩුව පැකර් ඇයට දුන් නත්තල් තෑග්ග ලෙස විදෙස් මාධ්‍ය පවසනවා. ඒ වගේම මේ ගැන ඕස්ට්‍රේලියානු මාධ්‍ය වලට කරුණු දැක්වීම මිරැන්ඩා මග හරින බවත් සඳහන්.

Share this