මැ.කො කම්පියුටර් ජිල්මාට් දන්නවා - ඕනනම් මේපාරත් කරනවා

වඳුරඹ පැවැත්වීමට සූදානම් කර තිබූ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැලියකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය තමන්ගෙන් ප්‍රශ්න කිරීම පදනම් විරහිත යැයි සුළු අපනයන බෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඊයේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා. එම මාධ්‍ය හමුව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමත්‍යවරයා "කම්පියුටර් ජිල්මාට්" මගින් තමාට සිදුවූ අසාධාරණයක් සම්බන්ධව හෙළිකොට සිටියේ මෙලෙසිනි.    

නිශාන්ත මුතුහෙට්ටිගම : ගිය සැරේ 125777 යි., ඒක අඩු කරා මට කම්පියුටර් ජිල්මාට් දාලා.. හැබැයි පාර්ලිමේන්තුවේදී මම ඒ ගැන ඒ විදියටම අරන් පෙන්නුවා..

මාධ්‍යවේදියෙක් : දැන් ඔබතුමා කියන්නේ කම්පියුටර් ජිල්මාට් දාන්න පුළුවන් කියලද?

නිශාන්ත මුතුහෙට්ටිගම : පුළුවන් පුළුවන් ඒවා සිම්පල් වැඩ..මේ ඡන්දෙත් එහෙම තමයි ඕනනම් දානවා..

මාධ්‍යවේදියෙක් : මැතිවරණ කොමසාරිස් කියනවා එහෙම කරන්න බැහැ කියලා..

නිශාන්ත මුතුහෙට්ටිගම : එයා කිව්වට එයානේ දන්නේ ක්‍රමේ..එයා මට දාපු එක්කෙනෙක් නේ..ඔය කොමසාරිස්ම තමයි මට ජිල්මාට් එක දැම්මේ..මහින්ද දේශප්‍රිය..පළාත්සභා මැතිවරණයේ මට දූෂණයක් වුනා..කම්පියුටර් ජිල්මාට් එකක් දැම්ම..ඒවාට මැතිවරණ කොමසාරිස් වග කියන්න ඕන..මම නඩු කියල ඕකේ දඟලන්න ගියේ නැහැ..නමුත් මමත් කවුන්ටින් දන්නවා..ඉගෙන ගත්තා..මැනුවල් කවුන්ට් එකේ හැටියට මම එක..

Share this