මෛත්‍රීට Support කළ කුඹුක්ගැටේදී කලාකරුවන්ට පහරදුන් හැටි [VIDEO]

ඊයේ කුරුණෑගල, කුඹුක්ගැටේදී කලාකරුවන් පිරිසකට  ප‍්‍රහාරයක් එල්ල වූ අවස්ථාවේ ඔවුන් ලබාගත් දර්ශන පෙළක් නිකුත් වී තිබෙනවා.

අලූත් පරපුරේ කලාකරුවෝ සංවිධානය මුලාවෙන් මිදෙමු යන තේමාව යටතේ කුඹුක්ගැටේදී වැඩසටහනක් සංවිධානය කර තිබිණ. එම සංවිධානයේ ක‍්‍රියාකාරින් පැවසුවේ, වැඩසටහන අතරතුර 100කට ආසන්න පිරිසක් පැමිණි තමන්ට ප‍්‍රහාරයක් එල්ල කළ බව ය.

පැමිණි පිරිස කළාකරුවන්ට පහර දී ඇති අතර ඔවුන්ගේ වේදිකාවට ද හානිකර තිබේ. සිද්ධියෙන් අනතුරුව පිරිස සිද්ධිය පැමිණිලි කිරීමට පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවුවත් ඔහු උපදෙස් දී ඇත්තේ, කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කරන ලෙස ය.


අලූත් පරපුරේ කලාකරුවෝ සංවිධානයේ සාමාජිකයින් කිහිප දෙනෙකු පොලීසියට කළ පැමිණිල්ලෙන් පසුව ඊයේ පස්වරුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ, මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ය.

එම දර්ශන පහතින් නරඹන්න....


Share this