සලමන් ඛාන් සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් ජනපති සමග සෞඛ්‍ය සායනයේ..

ඉන්දීය නළු සල්මාන් ඛාන් මහතා සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් මෙනෙවිය අද පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියහ..

ඉන්දීය පී.ටී.අයි. පුවත් සේවය පැවසුවේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සල්මන් ඛාන් මහතාගේ සහය ලබා ගෙන ඇති බව ය. පළමු වරට ශ‍්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයකට ඉන්දීය නළුවෙකු සහභාගී වන අවස්ථාව මෙය බව ද එම වාර්තාවේ සඳහන් ය.

පී.ටී.අයි. ප‍්‍රවෘත්ති සේවය පැවසුවේ, මෙම නළු නිළි යුවළ සමග තව ත් ඉන්දීය ශිල්පීන් පස්දෙනෙකු මෙරටට පැමිණ ඇති බව ය.

අද පෙරවරුවේ ඔවුන් බොරැුල්ල කැම්බල් පිටියේදී තාරුණ්‍යයට හෙටක් හා තිලංග සුමතිපාල පදනම සංවිධානය කළ වෛද්‍ය සායනයකට සහභාගි විය.



අක්ෂි, දන්ත ඇතුළු අංශ කිහිපයකින් පැවති මෙම සායනයට ජනාධිපතිතුමා ද එක්ව සිටියේ ය.

එහිදි අදහස් දැක් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල පැවසුවේ, තාරුණ්‍යයට හෙටක් සභාපති නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව නළු නිළි යුවළ පැමිණි බව ය.

අපේ සල්මන් ඛාන් මැතිතුමාත්, අපගේ ජැකලින් මහත්මියත් අපේ තාරුණ්‍යට හෙටක් සභාපති නාමල් රාජපක්ෂ මැතිතුමාගේ ආරාධනාවෙන් පැමිණිම අපි හදවතින්ම සුභ පතනවා. වගේම ස්තුතිවන්ත වෙනවා. අපි මේක විසුරුවා හරින්නේ නැනේ දිනන් බැරි නම්, අපි‍ත් මේ දේශපාලනය කරන්නේ පැරදිලා ගෙදර යන්න නෙමෙයි. ජනාධිපතිතුමා තව අවුරුදු 05 ක් නෙමෙයි 10 ක් නෙමෙයි එතුමා ඡන්දය ඉල්ලන තාක් කල් මේ රටට නායකයා වෙන්න ඔනී

සායනය අවසානයේ ඉන්දීය ශිල්පීන් ද සමග ජනාධිපතිතුමා ජනතාව හමුවිය.




















Share this