Thevarapperuma last race with 9 of them children

ළමුන් 9 දෙනෙක් සමග තෙවරප්පෙරුම ගිය සවාරිය

මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාවට ලක්ව අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදා හැරුණු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට පසුගියදා හදිසි හෘදය සැත්කමක් සිදු කෙරුණා. තෙවරප්පෙරුම මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ පාසලක් අහිමිව රටක් ආන්දෝලනයකට ලක්කළ පුංචි දරුවන් පිරිසක් වෙනුවෙන්. නියෝජ්‍ය අමාත්‍යවරයා සැත්කමක් කර රෝහල් ගත කර සිටින බව දැනගත් මෙම දරුවන් තම දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත්තේ නියෝජ්‍ය අමාත්‍යවරයා බැලීමට යා යුතු බවයි. ඒ අනුව දෙමාපියන්ද කැටුව සිසුන් 9 දෙනා නියෝජ්‍ය අමාත්‍යවරයා බැලීමට පැමිණ තිබෙනවා. එලෙස පැමිණියෙන් ප්‍රිතියට පත් නියෝජ්‍ය අමාත්‍යවරයා දවස පුරාම ඔවුන් සමග ගත කොට කොළඹ පිහිටි සුපිරි නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාරයක් වෙත ඔවුන් කැඳවාගෙන ගොස් සිසු සිසුවියන් 9 දෙනාටම අලුත් ඇඳුම් අරන් දී තිබෙනවා. එසේම පාවහන් අලෙවි සැලකට ගිය නියෝජ්‍ය ඇමතිවරයා ඔවුන්ට අලුතින් සපත්තු කුට්ටම් අරන් දීමට අමතක නොකළේය. එහි ඡායාරූප කිහිපයක් පහතින් දැක්වේ. 












Thevarapperuma last race with 9 of them children

The arrested accused of forcefully entering primary school Meegahatenna released on bail, Deputy Minister of Emergency heart surgery was recently Thewarapperuma. THEWARAPPERUMA school was arrested for a lost country, the controversial lifting of small children. Deputy Minister surgery has found that children who had been treated on request of their parents must go to the deputy minister. The parents were accompanied by the Deputy Minister has come to 9 students. Throughout the day, Deputy Minister of the pleasures to be had so they went along with them to the supermarket clothing store in Colombo has taken new clothes for everyone 9 students. The Footwear Shop of deputy minister, they did not forget to get new pairs of shoes. Here are some photographs.

Share this