Topless fashion icon will not ever

ස්විම්වෙයාර් හෝ අඩනිරුවත් මෝස්තර නිරූපණයට කවදාවත් යන්නේ නෑ

සිරසගොසිප්  නවක නිරූපණ ශිල්පීන්, ශිල්පිනියන් සම්බන්ධයෙන් පළ කෙරෙන ලිපි මාලාවේ මෙවර අපි සමග සාකච්ඡාවට එක්වූයේ නිරූපණ ශිල්පිනී ඉරේෂා බෝදනියි. මේ ඇය සමග සිදු කළ සාකච්ඡාව ඇසුරෙන් සැකසූ ලිපියකි. 

ඔයා කවුද? ඔයා ගැන විස්තර ටිකක් කියන්න අපිට.
මගේ නම ඉරේෂා බෝදනි... ඉන්නේ පිළියන්දල. මම ඉස්කෝලේ ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. මම ගොඩක් විනෝදයෙන් ඉන්න කැමැති කෙනෙක්. යාළුවොත් ගොඩක් ඉන්නවා මට. එයාලත් එක්ක ඉතාමත් සතුටින් ඉන්නවා. 

පාසල් දිවියේ අමතක නොවන සිදුවීම් ගැන මතක් කළොත්...
මම ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට.... පාසල් කාලයේ අමතක නොවන සිදුවීම් නම් ගොඩක් තියෙනවා. ටීචර්ස්ලාගෙන් අනන්තවත් බැණුම් අහලා තියෙනවා... යාළුවො එක්ක රණ්ඩුවෙලා තියෙනවා. යාළුවෝ එක්ක පිස්සු වැඩ කරලා තියෙනවා... ඒවාගේ ඒවා තමයි තියෙන්නේ... ඉස්කෝලේ එග්සෑම් කරලා යාළුවෝ දාලා යන එකත් මට අමතක නොවන සිදුවීමක්. 
ඉරේෂාගේ පවුලේ විස්තර ටිකක් කියමුද?
මම පවුලේ එකම දරුවා. මගේ අම්මා ගෙදර ඉන්නේ. තාත්තා විදේශගතව සිටින්නේ. තාත්තා ව්‍යාපාරික කටයුතු තමයි කරන්නේ. 
ඔබ මෝස්තර නිරූපිකාවක්ද? රංගන ශිල්පිනියක්ද? 
මම ඇත්තටම මෝස්තර නිරූපිකාවක් වගේම රංගන ශිල්පිනියක්.

මෝස්තර නිරූපණයට එක් වුණේ කෙසේද?
මෝස්තර නිරූපණයට මුලින්ම එකතු වුණේ ගගන උදාරගේ බ‍්‍රයිඩල් රූපවාහිනී වැඩසටහනකට එකතු වීමෙන්. ඒ වගේම 2015 වසරේ තිබූ විවාහ ෆැෂන් ෂෝ එකට වගේම කැන්ඩි හිල්ස් බ‍්‍රඞ්ල් ෂෝ එකට එකතු වුණා. ඒවායින් මට ගොඩක් අත්දැකීම් ලැබුණා. ඒවගේම ඉදිරියට විවිධ වූ ෆැෂන් ෂෝස්වලට සහභාගිවීමට අදහස් කරගෙන ඉන්නවා. 

මොඩලින් ෆීල්ඞ් එකේදී ඔබට සිදු වූ අමතක නොවන සිදුවීම් ගැන මතක් කළොත්. 
මම අනන්තවත් ඡායාරූප ශිල්පීන්ගෙන් බැණුම් අහලා තියෙනවා. විවිධ වූ බලපෑම්වලට ලක්වී තිබෙනවා. 

ඔබේ ෆේස්බුක් ගිණුම සහ ෆෑන් පේජ් එක ගැන කියමුද?
මට ෆේස්බුක් ගිණුමක් මෙන්ම ෆෑන් පේජ් එකකුත් තියෙනවා. ඒ දෙකම තියෙන්නේ ඉරේෂා බෝධිනි කියලා. 

කොහොමද ඒවාට ලැබෙන ප‍්‍රතිචාර?
හොඳ සහ නරක ප‍්‍රතිචාර ලැබෙනවා. බහුතරයක් දෙනා මට හොඳ ප‍්‍රතිචාර දක්වන අතරේ ඇතැම් මානසික ලෙඞ්ඩු මෙන්ම ඇතැම් ඡායාරූප ශිල්පීන්ගෙන් නරක මැසේජ් ඇවිත් තියෙනවා. 

මෝස්තර නිරූපිකාවක් ලෙස ඔබේ දායකත්වය ලැබෙන්නේ කුමන අංශයටද? මොකද අද ඇතැමුන් චෝදනා කරනවා සමහර නිරූපිකාවන් අඩනිරුවත් ඉදිරියට දමාගෙන ජනපි‍්‍රය වනවා කියා. 
මම අඩනිරුවත් නිරූපණවලට කැමැති නෑ. මම වැඩියෙන්ම කැමැති මනාලියන්ගේ විලාසිතාවලට. මම බොහෝ විට කරන්නේ කැෂුවල් වෙයාර් හෝ මනාලියන්ගේ විලාසිතා පමණයි. 

ඔබට එවැනි අඩනිරුවත් ඡායාරූපකරණයට ආරාධනා ලැබී තිබෙනවාද?
ආරාධනා නම් ගොඩක් ලැබිලා තිබෙනවා. ඒත් මම ඒවාට යන්නේ නෑ. මම ඉදිරියට ඒවාට යන්නෙත් නෑ. 

රංගන ක්ෂේත‍්‍රයට එක්වීමට අදහසක් නැද්ද?
රංගනයට දායක වීමට බලාපොරොත්තුවක් තිබෙනවා. දැනටමත් ටෙලි නාට්‍යයකට දැනටමත් ආරාධනා ලැබී තිබෙනවා. ඉදිරියේදී මම ඒවාට රංගනයෙන් දායක වීමට බලාපොරොත්තු වෙනවා. 

මෝස්තර නිරූපණයේදී ඔබට ලිංගික අල්ලස් ඉල්ලීම වැනි බලපෑම් ඔබට එල්ල වී තිබේද?
ඔව්.. මට එවැනි බලපෑම් නම් ගොඩක් එල්ල වී තිබෙනවා. ෆේස්බුක් මැසේජස්වලින්. මම ෆොටෝ ෂුට්වලට යන්නේ මගේ අම්මි එක්ක එහෙම නැත්නම් මගේ පෙම්වතා සමගින්. ඒක නිසා මට එවැනි සිදුවීම්වලට මුහුණදෙන්න වෙලා නැහැ. මොකද මම තනියම යන්නේ නැති නිසා. 

රංගනය හෝ මෝස්තර නිරූපණය ස්ථිර වෘත්තියද? 
රංගනය හෝ මෝස්තර නිරූපණය මගේ ස්ථිර වෘත්තිය නෙවෙයි. මම රැකියාවක් කරනවා. මම ෆිට්නස් ඒජ් ජිම් එකේ ෆීමේල් ෆිට්නස් ඉන්ස්ට‍්‍රක්ටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. 

කිසියම් නිර්මාණයකට ඔබ සම්බන්ධ කර ගන්නේ කෙසේද?
මගේ ෆේස්බුක් එකෙන් තමයි මාව සම්බන්ධ කර ගන්න පුළුවන්. 

සිරසගොසිප් කරන මේ වැඬේ ගැන මොකද හිතෙන්නේ.
නවක පරපුරේ මෝස්තර නිරූපණ නිරූපිකාවන් ඉස්සරහට යන්න තියෙන හොඳම අවස්ථාවක්. 

සිරසගොසිප්, ඉරේෂා සමග සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් ශ්‍රවණය කරන්න.




Share this