ඇඹිලිපිටියේ කඩ වසා ටයර් පුළුස්සා කොළඹ - ඇඹිලිපිටිය මාර්ග අවහිර කරමින් ප‍්‍රදේශවාසීන් දැවැන්ත උද්ඝෝෂණයක (Video සහිතයි)

පොලිස් ප‍්‍රහාරයෙන් එක්දරු පියකු මියගිය බව කියමින් ඇඹිලිපිටිය නගරයේ අද (7) උදේ පොලිසියට එරෙහි විරෝධතාවයක් ඇරඹීමත් සමග නගරයේ කළු කොඩි ඔසවා කඩ වසා දැමිණි. නගරයේ වාහන තදබදයක්ද ඇති විය. ඔරලෝසු කණුව අසල දහසකට වැඩි පිරිසක් පොලිසියට විරෝධය පාති.
පොලිසිය හෝ හමුදාව නගරයේ කිසිම තැනක දක්නට නැත. තැන තැන ටයර් පුළුස්සමින් විරෝධතා පුවරුද ඔසවමින් උද්ඝෝෂකයෝ විරෝධය පාති.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුනසේකර මහතා පැවසුවේ පෙරේදා අලූ‍යම සාදයක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවක්  පාලනය කිරීමට පොලිසිය ගත් උත්සාහයත් සමග මෙම ගැටුම හටගත් බව ය.එම ගැටුමේදී පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු හා සිවිල් වැසියන් තිදෙනෙක් තුවාල ලැබූහ.

ගැටුම අතරතුර මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලකින් පහලට ඇදවැටුණු පුද්ගලයා රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටියදී අද අලූ‍යම ජීවිතක්ෂයට පත් විය.


2










































Share this