ට්විටර් ඔස්සේ අයි.එස්. ත්‍ර‍ස්තයන්ට විරුද්ධව මත කළ මාධ්‍යවේදිනිය ඝාතන කෙරේ

රුකියා හසානි නම් සිරියානු ජාතික මාධ්‍යවේදිනියක් අයි.එස්. ත්‍ර‍ස්තයන් විසින් මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අයි.එස්. ත්‍ර‍ස්තයන්ගේ පාලන කාලයක් වන සිරියාවේ රක්ඛා ප්‍රදේශයේ වාසය කළ හසානි සිය මාධ්‍ය මෙහෙවර කරගෙන ගියේ නිසාන් ඊබ්‍ර‍හිම් නම් වෙනත් නාමයකිනි. වයස අවුරුදු 21 වන ඇය මානව හිමිකම් කඩ කරන අයි.එස්. ත්‍ර‍ස්තයන් සම්බන්ධයෙන් බොහෝ කරුණු කාරණ මාධ්‍යට හෙළි කර තිබුණා. ඒ ප්‍ර‍වෘත්ති මාධ්‍යයක් ලෙස භාවිතයට ගැනෙන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේයි. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ ඉස්ලාමීය රාජ්‍යයේ නීතියට යටත්ව ගත කරන්නා වූ ජීවිතය පිළිබඳව ඇය, ඇයගේ ෆේස්බුක් පිටුවේද සටහනක් තබා තිබූ බවයි. 







Share this