ඉන්දියාව කැළඹූ නිල් චිත්‍රපට තහනම

අසභ්‍ය වෙබ් අඩවි 850කට අධික ප්‍රමාණයක් සඳහා ප්‍රවේශවීම ඉන්දියානු රජය විසින් තහනම් කොට ඇති බව වාර්තාවනවා. ළමයින් එම වෙබ් අඩවිවලට පිවිසීම වැළැක්වීම මෙන්ම බාල වයස්කාර දැරියන්ගේ ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි තහනම් කිරීම මෙහි මූලික අරමුණ වී ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ. 

ඉන්දියාවේ අසභ්‍ය වීඩියෝ නිර්මාණය කර්මාන්තයක් වශයෙන් ජනප්‍රිය අතර ඉන්දියානු අසභ්‍ය චිත්‍රපට සඳහා ලෝක වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක්ද පවතිනවා. අන්තර්ජාල සමීක්ණ වාර්තාවලට අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ කැනඩාව හැරුණු විට අසභ්‍ය වෙබ් අඩවිවලට වැඩිවශයෙන්ම පිවිසෙන්නේ ඉන්දියානුවන් බවද හෙළිවී තිබෙනවා. 

ඉන්දීය විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින් ඉන්දියාවේ පවත්වාගෙන යන අසභ්‍ය වෙබ් අඩවි, බ්ලොග් අඩවි මෙන්ම වැඩිහිටියන්ට පමණක් සීමා වූ වෙබ් අඩවි ඇතුළුව වෙබ් අඩවි 850කට අධික සංඛ්‍යාවක් තහනම් කිරීම සඳහා අන්තර්ජාල සේවා සපයන සමාගම් වෙත දැනුම්දී තිබෙනවා. 

Share this