මුදල් ඇමැති රවීගේ ආධාරකරුවන්ට වෙඩි - අයෙක් මරුට 11ක් රෝහලට

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ ආධාරකරුවන් පිරිසක් කොටහේන, බ්ලූමැන්ඩල් පාරේ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරතව සිටියදී වාහන දෙකකින් පැමිණි පිරිසක් වෙඩි තබා ප‍ළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ 12 දෙනෙකු ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවද එම කාර්යාලය පැවසීය.

මේ අතර ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැදිවියේ කාන්තාවක් ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේය.

එසේම තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා සිටින බවත්, ඔවුන්ට හදිසි ප්‍රතිකාර ආරම්භ කර ඇති බවත්, ඒ මහතා පැවසීය. අද පෙරවරු 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි සඳහන්ය.

Share this