හොරකමේ ගිය නිළිය කොටු වූ හැටි

හොලිවුඩයේ ජනප්‍රිය තරුවක් වන කිම් රිචර්ඩ්ස් කලකට පෙර විකාශය වූ ලව් බෝට් නම් හාස්‍ය මුසුවූ ටෙලි නාට්‍ය තුළින් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය නිළියක් බවත් වුණා. 
දැනට 50 වැනි වියෙහු පසුවන ඇය පසුගියදා පොලිස් අත්අඩංගුවට පත් වුණා. ඇගේ නිවසට සමීපයේ පිහිටි එක්තරා තොග ගබඩාවකින් ඇමෙරිකානු ඩොලර් 600ක් පමණ වටිනා භාණ්ඩ රැසක් ඇය විසින් සොරා ගනු ලැබීම නිසා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
ඇය එම භාණ්ඩ සොරකම් කරද්දී එහි සිටි ආරක්ෂක නිලධාරියෙකුගේ අතටම හසු වී තිබෙනවා. 
කිම්ව අල්ලා ගත් ආරක්ෂක නිලධාරියා ඇයව පොලීසියට භාරදුන් බවත් පොලිස් අත්අඩංගුවට පත්වූ කිම් රිචර්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි නාගරික නීතිපති කාර්යාලයට ඉදිරිපත් කරන බවත් විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වනවා. 
අත්අඩංගුවට පත්වීමෙන් පසුව හදිසියේ අසනීප වූ කිම්, රෝහල් ගත කෙරුණු බව හොලිවුඩ්පුරයෙන් වාර්තා වනවා. 


Share this