දියණියට ගැසූ මව පස් වසකට හිරේට

බාලවයස්කාර දියණියට කෘර ලෙස පහර දෙන ලද මවකට හලාවත මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජ මහතා බර වැඩ සහිත අවුරුදු පහක සිර දඩුවමක් නියම කළේය. මෙසේ දඩුවම් නියම වූයේ දිසානායක මුදියන්සේලාගේ සමාධි මධුරංගනී නම් කාන්තාවකටය. 

2008 පෙබරවාරි 24 වන දින හෝ එයට ආසන්න දිනක එවකට වයස අවුරුදු 11 ක් වූ සෞභාග්‍යා සංදීපන් යන දැරියට සිය මව විසින් පහර දී ඇති බව දැරියගේ සාක්ෂිවලින් අධිකරණයේදී අනාවරණය විය. 

සිය භාරකාරත්වයේ සිටියදී ඇයගේ සෞඛයට හානියක් සිදුවිය හැකි ආකාරයට ඕනෑකමින්ම අඩන්තේට්ටම් කිරීමෙන්. හිංසා කිරීමෙන් හෝ නොසලකා හැරිමෙන් පහර දී තුවාල සිදුකරන ලද බවට ඇයට විරුද්ධව අධිචෝදනා ගොනුකර තිබුණි. දැරියගේ පියා මව අතහැර යාමෙන් පසුව ඇය වෙනත් සැමියකු සමග දීගකන බවද අධිකරණයේදී හෙළි විය. 

රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය පැමිණිල්ල වෙනුවන් කරුණු දැක්වීමෙන් පසුව මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර අමල් රණරාජා මහතා විසින් විත්තිකාරියට රුපියල් 10,000 ක දඩයක් නියම කර දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත මාස හයක සිරදඩුවමක් නියම කළේය. එයට අමතරව බර වැඩ සහිත අවුරුදු පහක සිර දඩුවමක්ද නියම කළේය.

Share this