මෝටර් රථයේ සිටි යුවළකගෙන් රු. 2000ක් ගත් පොලීසියේ තුන්දෙනක් දැලේ

ජුලි පළමු වැනිදා රාත්‍රීයේදී මෝටර් රථයක් නවතා එහි සිටි යුවළකගෙන් මුදල් ලබාගත් බවට චෝදනා ලැබ සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. 

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ කුරුඳුවත්ත පොලීසියට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරුන් දෙදෙනෙක් සහ පොලිස් කොස්තාපල්වරයෙකි. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමයි. 

මොවුන් අදාළ යුවලගෙන් රුපියල් දෙදහසක මුදලක් ලබාගත් බවට කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කර තිබෙනවා. එලෙස ලැබුණු පැමිණිල්ල අනුවයි මොවුන්ත තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ. අත්අඩංගුවට ගත් සැරයන්වරුන් දෙදෙනා සහ කොස්තාපල්වරයා අද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙනවා.


Share this