Jul032015

අවුරුදු 7ක් එකට සිටි තරුණියගේ සෙක්ස් වීඩියොවක් වෙබ් අඩවියට දැමී නිර්මාණ ශිල්පියා රිමාන්ඩ්

වසර හතක් තිස්සේ තමා සමග එක්ව විසූ තරුණියගේ නිරුවත් දර්ශන ඇතුළත් වීඩියෝවක් වෙබ් අඩවියකට මුදාහළ ඇඳුම් මෝස්තර නිර්මාණ ශිල්පියෙකු බව කියන ජොහාන් සම්පත් රොමේෂ් ද සිල්වා නමැත්තා ජුලි මස 7 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාල් පිලපිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ජොහාන් සම්පත් නමැති මෙම පුද්ගලයා ඒෂියන් මොඩ් නමැති ඇඳුම් මෝස්තර නිර්මාණ ආයතනයේ නිර්මාණ ශිල්පියෙකු ලෙසටද පැවසෙනවා. අදාළ නිර්මාණ ශිල්පියා සහ තරුණිය වසර 7ක් තිස්සේ එකට වාසය කර තිබෙනවා. ඔවුන් එක්ව සිටින ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් වෙබ් අඩවියකට මුදාහැරීම නිසා එම තරුණිය කරන ලද පැමිණිල්ලකට අනුව නඩු පවරනු ලැබුවා. ඒ 1983 අංක 22 දරණ අසභ්‍ය ප්‍රකාශන පනත යටතේයි. 

කලක් තිස්සේ සැකකරු විසින් මෙම වීඩියෝව පෙන්වමින් මෙම තරුණියගෙන් මුදල් ලබාගෙන ඇත්තේ එය අන්තර්ජාලයට මුදා හරින බව පවසමිනි. ඒ බව ඇය විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙනවා. 

Share this

More Gossip News