මහින්ද කෝටි විසි දහසක චූදිතයෙක්?

මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා වශයෙන් සිටියදී රුපියල් කෝටි විසිදහසකට අධික මුදලක් ලංකා බැංකුවෙන් වංචා සහගත ලෙස පරිහරණය කිරීමේ චූදිතයකු වී ඇති බව කෝප් වාර්තාවෙන් හෙළිව තිබෙනවා.  මෙය සිදු කර ඇත්තේ සමාගම් දෙකකට සහ රාජ්‍ය නොවන සංවිධාන දෙකකට රුපියල් කෝටි හයසිය විසිහතක් ලංකා බැංකුවට පොලු තැබීමට ඉඩ හැරීමෙන් සහ රුපියල් කෝටි දහ නව දහස් තුන්සිය හැත්තෑ පහක් ණය වශයෙන් ලබාගෙන එකදු වාරිකයක් හෝ නොගෙවා සිටීමට ඉඩ හැරීමෙන් බවයි වාර්තා වන්නේ. 

රුපියල් කෝටි දහනව දහස් තුන්සිය හැත්තෑ පහ ලබාගෙන ඇත්තේ ණයකරුවන් තිස් තුන් දහස් හයසිය අසූ පස් දෙනෙකු විසින්.  මේ අනුව ලංකා බැංකුවට රුපියල් කෝටි විසි දහසකට අධික පොලු තබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. 


Share this