මහ රැජිනගෙන් සම්මාන දිනූ කාවින්ද්‍යා සහ තේජිත (ඡායාරූප සහිතයි)

පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල් සඳහා වූ තරුණ නායකත්ව වැඩසටහනෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට බ්‍රිතාන්‍ය මහ රැජින විසින් සම්මාන ප්‍රදානය කර තිබෙනවා. ඒ තේජිත සෞභාග්‍ය එදිරිසිංහට සහ කාවින්ද්‍යා තෙන්නකෝන් හටයි. 

සම්මාන ලබාගැනීමෙන් අනතුරුව බී.බී.සී. මූලස්ථානය වෙත පැමිණි කාවින්ද්‍යා පැවසුවේ තමන් හට රැජින පමණක් නොව තවත් තමා මෙන්ම තමාගේ ක්ෂේත්‍රයේ වැ ඩකරන තමාට වඩා සේවයක් කර තියෙන අයත් හමු වීමට අවස්ථාව ලැබුණු බවයි. එසේම බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා හමුවීමට ද අවස්ථාව ලැබුණු බවයි ඇය පවසන්නේ. 

තම මිතුරෙකු සමග එක්ව සමාජ අරමුණක් ඇතිව පවත්වාගෙන යන විතවුට් බෝඩර්ස් නමැති ආයතන මගින් දැරණියගල ප්‍රදේශයේ සහ අවට ගම්මාන පහක අඩු ආදායම් පවුල් ඉලක්ක කොට දියත් කළ ව්‍යාපෘතියක් මෙලෙස බ්‍රිතානය රාජකීයයන්ගේ පැසසුමට ලක්ව තිබෙනවා. 

මෙලෙස සම්මානයක් ලැබීමට හේතුව කුමක්දැයි ඇයගෙන් විමසීමේදී ඇය කියා සිටියේ තමන් කරනු ලබන කාර්යයේ ඇති වෙසන මෙම සම්මානය දිනා ගැනීමට මූලික වූ බවයි. 

තම ජන කොට්ඨාස තුළ ජන ජීවිතයේ ගුණාත්මකභාවයඉහළ නැංවීමට කරනු ලබන මෙහෙය වෙනුවෙන් පොදු රාජ්‍ය මණඩලයීය රටවල තරුණ තරුණියන් 60 දෙනෙකු මෙසේ සම්මානයෙන් පිදුම් ලැබුවා. 

මේ වන විට 20වන වියේ පසුවන කාවින්ද්‍යා උපත ලබා තිබෙන්නේ කොළඹදීයි. ඇයගේ පියා වන උපාලි තෙන්නකෝන් වන අතර මව චම්පා තෙන්නකෝන්ය. කාවින්ද්‍යාට වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇයගේ පියා මියගොස් තිබෙන අතර චම්පා මහත්මියගේ සෙවණේ කාවින්ද්‍යා වැඩිණි. ලයිසියම් ජාත්‍යන්තර පාසලෙ නුගේගොඩ පිහිටි ශාඛාවෙන් අධ්‍යාපනය ලද කාවින්ද්‍යා 2011 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ලදී. එහිදී වැඩිම ලකුණු ලබාගනිමට ඇය සමත් විය. කාවින්ද්‍යා මලල ක්‍රීඩා තරගවලටද දක්ෂතා දක්වන්නියකි. 


මීට පෙර කාවින්ද්‍යා විසින් හාර්වඩ් සෝෂල් ඉනනොවේසන් විසින් ග්ලෝබෙල් ට්‍රැල්බ්ලැෂර් සම්මානයද දිනාගෙන තිබෙනවා. ඒ 2014වසරේදීයි. 


Share this