රැජිනට මල් කළඹක් දුන් දැරියට ආරක්ෂකයාගෙන් කණේ පහරක් [වීඩියෝ සහ ඡායාරූප සහිතයි]

ලොව පුරා මේ දිනවල දැඩි ලෙස කතාබහට ලක්වන වීඩියෝවකි මහරැජිනට මල් කළඹක් ලබාදුන් දැරියකට ආරක්ෂකයකුගෙන් කණේ පහරක් වැදීම පිළිබඳව. මෙහිදී අදාළ දැරිය විසින් රැජිනට මල් කළඹක් ලබාදී රැජින ඉදිරියට යාමේදී ඒ ආසන්නයේ සිටි ආරක්ෂක සෙබලා රැජිනට ආචාර කිරීමට යාමේදී දැරියගේ වම් කණට දැඩි පහරක් වදියි. එහෙත් මෙය එම සෙබලා සිතාමත නොකරන දෙයකි. මෙලෙස අනතුර ලක්වන්නේ රැජිනට මල් කළඹක් පිළිගැන්වීමට ගිය සය හැවිරිදි දැරියක් වන මේසි ග්‍රෙගරි නම් දැරියකි. කාඩිෆ්හි මිලේනියම් ක්‍රීඩාංගණයේදීම මෙම දැරිය මෙලෙස හදිසි අනතුරට ලක්ව තිබෙනවා. රාජකීය වෙල්ෂ් රෙජිමේන්තුවේ වර්ණ ප්‍රදානය සඳහා මහ රැජින සහභාගිවීමට යාමේදී දැරිය මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.  




















Share this