13 හැවිරිදි දරුවෙකුට පහරදී මරලා වීඩියෝත් කරලා

වයස අවුරුදු 13ක් පමණ වන ළමයකුට කණුවක බැඳ පහරදී ඝාතනය කිරීමේ පුවතක් බංග්ලාදේශයෙන් වාර්තාවනවා. මෙලෙස එහුට පහරදීමට හේතුවී තිබෙන්නේ බසියකිලයක් සොරකම් කිරීමට තැත්කිරීම බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 

පහරකෑමෙන් මියගිය ළමයාගේ සිරුරේ පහරදීම නිසා ඇති වූ කැළලි 60ක් පමණ තිබී සොයාගෙන ඇති බවයි මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ. එසේම එම පුද්ගලයින් පහරදෙන අවස්ථාව එහි සිටි තවත් අයෙකු විසින් විඩියෝගත කර පසුව සමාජජාල වෙබ් අඩවිවලට මුදාහැර තිබෙනවා. 

එලෙස වීඩියෝව නිකුත් වීමෙන් පසුව සිදුවීම වාර්තාවීමත් සමග සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍යය වැඩිදුරටත් පවසන්නේ. මේ පහරදෙන අවස්ථාවේ වීඩියෝව සහ එය විදෙස් මාධ්‍ය වාර්තා කළ ආකාරය පහත පරිදි වේ. 




පහර දෙන ආකාරය දැක්වෙන තවත් වීඩියෝවක්




අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙක් 



Share this