ටෝනි රණසිංහයන්ගේ දෙහය කළා භවනේ

පසුගියදා දිවියෙන් සමුගත් ප්‍රවීණ රංගන ශිල්පී ටෝනි රණසිංහයන්ගේ අවසන් කටයුතු අද (19දා)  සිදුකෙරේ.

දේහය අද පෙරවරු 10.00 ට නිවසින් පිටත්ව මහජන ගෞරවය සඳහා කොළඹ ජාතික කලා භවනට රැගෙන ආවේය. පෙ.ව. 10.30 පමණ ප.ව. 2.00 දක්වා ජාතික කලා භවනේ දේහය තැන්පත් කර තැබේ. 

අනතුරුව පස්වරු 2.00 ට කොළඹ ජාතික කලා භවනෙන් පිටත්වන දේහය රැගත් අවමංගල පෙරහර මහබාගේ ශ්‍රී හෘදය දේවස්ථානය කරා පැමිණීමට නියමිත අතර, දේහය පිළිබඳ සියලු ආගමික කටයුතු එහිදී සිදුකිරිමට සැලසුම් කර තිබේ. ඉන්පසුව අවසන් කටයුතු මත්තුමගල පවුලේ සුසාන භූමියේදී සිදුකෙරේ. 

































Share this