දැන් කියන්න යන්නේ මේ දෙකම ගැන නෙවෙයි. රුසිරුගේ අලුත්ම එක ගැන... රුසිරු අලුත්ම එක හදලා තියෙන්නේ අලුත්ම තාලේ අලුත්ම ආරකට ගිය එකක්. එය එතෙක් මෙතෙක් ලංකාවේ අහන්න නොලැබුණු ගණයේ සින්දුවක්. මේ සින්දුවෙන් කියැවෙන්නේ නිව්ස් ගැන... ලංකාවේ පළමු නිව්ස් සින්දුව කියලා තමයි මෙය වාර්තා වන්නේ. තවත් විදිහකට කිව්වොත් එය නිව්ස්වලින් හැදිච්චි අලුත්ම සින්දුවක්. එහෙමත් නැත්නම් මේක තමයි ලංකාවේ පළමු වැනි නිව්ස් සින්දුව. තමන්ගේ අලුත්ම ගීතය ගැන අපි කියනවා වඩා රුසිරුගෙන්ම අහමුකෝ...
රුසිරු... මොකක්ද මේ අලුත් සින්දුව... මේ ගැන විස්තර කළොත්...
‘‘පසුගිය කාලේ ඇහිච්චි අමුතු අමුතු සිද්ධි එකතු කරල තමයි මේ ගීතය ලියල තියෙන්නෙ. මේක අලූත්ම විදිහට ලංකාවේ කවුරුත්ම නොකරපු විදිහට කරපු සින්දුවක්. මේක ලංකාවේ පළවෙනි නිවුස් සින්දුව’’
ඒ විදිහට තමයි රුසිරු උත්තර දුන්නේ.
රුසිරු දිසානායක ගායනා කරන මෙම ගීතයට පදවැල් ගැලපුණේ තරංග රුක්ෂාන් ජයසේකර අතින්. එම සුසංයෝගයේත් සුවිශේෂී කරුණක් තිබෙනවා.
එනම් ඔවුන් දෙදෙනාම ප්රවෘත්ති හා සම්බන්ධ රැකියාවක නිරත වීමයි. තවත් විදිහට කිව්වොත් ඔවුන් දෙදෙනාම මාධ්‍යවේදීන් විදිහට කටයුතු කරන දෙදෙනෙක්.
සංගීතය ශයන් ප්‍රනාන්දු. කොහොම වුණත් මේ සින්දුව කාටවත් කඬේ යන්නවත්, කාගෙවත් රෙදි හෝදන්නවත්, කාටවත් මඩ ගහන්නවත් කරපු සින්දුවක් නෙමේ කියලයි රුසිරු නම් කියන්නෙ. ..The News Song.. එහෙමත් නැත්නම් ‘රට වට විත්ති’ සාම්ප්‍රදායික ගීත රටාවට අලූත් අර්ථකථනයක් ගෙන දේවි.
" පරණ කතා...හොදට ගොතා..
දාපු මුටි මෙන්න ලොවෙත් නැතා..
අලූත් කතා.. රහට ගොතා..
ගෙනා පෙට්ටි මෙන්න ගනිල්ලා පුතා...
හත් අටපොලකින් ඉදගෙන නංගිලා,
මල් මල් කතා අහුල ගනින් මල්ලිලා...
19ට ඔරවලා,
20 අරන් පැන ගියා..
කවුන්සලේ නිදියලා..
සෙල්ෆි අරන් ට්විට් කරා..
රට වට නියම විත්ති.. කොහෙවත් නෑ මෙ සිද්දි..
අහන්න එන්න මල්ලි.. අපිට ඕනෙ නෑ සල්ලි...
කැස්බැවෙක් උස්සලා.., ගායකයෙක් ගැවිලා...
අලි පැටවුන් පන්නලා.. ලොකු ලොකු තැන් හෙල්ලිලා...
සක්වලටත් නොදන්වා..
එහෙ අය මෙහෙ ඇවිල්ලා...
ටීවි එකත් හිස් උනා, නිලියෝ චන්දෙටම ගියා...
ඩ්‍රයිවර් තනිකර දමා,
කෝච්චියක් ගිහිල්ලා...
fb හොරු අහුවෙලා,
ජීවිතයක් නැතිවෙලා..
ගුරුවරු වහලෙට වෙලා...
ඩොක්ටොර් නර්ස් සෙට් උනා...
උපවාසය ඇරබුනා,
මුලූ රට කොටඋඩ ගියා... "
සින්දුව අහලම බලන්න.... අහල බලලා නිකන්ම යන්න එපා... යහළුවන්ටත් ෂෙයාර් කරලා යන්න