අගෝස්තු මාසයේදී ඉන්දියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පසු තමන් ටෙස්ට් දිවියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල පිතිකරුවෙක් දක්ෂතම කඩුලු රකින්නෙකු වූ කුමාර් සංගක්කාර ඊයේ කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.
දැන් පැවැත්වෙන පකිස්ථානු තරගාවලියෙන් පසු ඉන්දියාව සමග තරගාවලියක් ශ්‍රී ලංකාවේදී පැවැත්විමට නියමිතව තිබේ.
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී එක්දින පිටියට සමුදුන් සංගක්කාර අගෝස්තුවේදී ටෙස්ට් පිටියටද සමුදීමට නියමිතයි.
එසේම මේ දිනවල පැතිර යන කටකතාවක් සම්බන්ධයෙන්ද මාධ්‍ය හමුවේදී සංගක්කාර ප්‍රතිචාර දැක්වූවා. ඒ සංගක්කාර එළැඹෙන මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් තරග වදින බවට සමාජජාල වෙබ් අඩවිවල පළ වන පුවත් සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි. ඒ පහත ආකාරයටයි.