මඟුල නිසා නටාෂාටත් FCID යන්න වෙයිද?

ගායන ලෝකයේ ස්ථාවර ගායක යුවලක් නොවන නටාෂා පෙරේරා හා ප‍්‍රිහාන් මඩප්පුලිගේ විවාහ උත්සවය පසුගියදා ඉතාමත් උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණා. නමුත් මෙම විවාහ උත්සවය තරමක ආන්දෝලනාත්මක එකක් වූයේ එයට වියදම්වූ අධික පිරිවැය නිසයි.

රුපියල් මිලියනයක් වටිනා මංගල ඇදුමක් සුප‍්‍රසිද්ධ හෝටල් දෙකක විවාහ උත්සවය හා දෙවනි දිනයත්, Pre Wedding Shoot එක සදහා මැලේසියානු සංචාරයත්, ඉතාමත් මිල අධික ආරාධනා පතත් ඇතුළු බොහෝ දේ එම විවාහ උත්සවයට ඇතුලත්ව තිබුණා.
ආසන්න වශයෙන් නටාෂාගේ මංගල උත්සවයේ වියදම රුපියල් ලක්ෂ 200ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ ඒසා විශාල මුදලක් මෙම ගායක යුවලට හිමිවූ ආකාරය සැකයට තුඩු දී ඇතැයි වාර්තා වෙනවා.

අප්‍රකාශිත වත්කම් යටතේ නටාෂාට හා ප්‍රිහාන්ට මුදල් විශුද්ධිකරණ පනත යටතේ (Money Laundering Act) නඩු පැවරිමේ නඩු නිමිත්තක් දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවට හා අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට ඇත්දැයි සලකා බැලෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඇයගේ විවාහ උත්සවයට බහුතරයක් ආයතන අනුග‍්‍රහක දායකත්වය ලබාදී ඇතත් මෙවැනි මුදලක් අසාමාන්‍ය තත්ත්වයක් බවයි පැවසෙන්නේ.

Share this