සාරංගට එක් සම්මානය අහිමි වෙද්දී උමාලි අඬයි - අනෙක් සම්මානය ලැබෙද්දී සිනාසෙයි

පසුගිය 12 වැනිදා පැවැති රයිගම් ටෙලීස් සම්මාන උළලේදී අපුරුම ආකාරයේ සිදුවී තිබෙනවා. මෙම පුවත වාර්තා කර ඇත්තේ සිදුවීමට මුහුණපා සිටින තැනැත්තියගේ සැමියා වන ජනප්‍රිය නළු සාරංග දිසාසේකර විසිනුයි. ඒ අන් කිසිවක් නොව රයිගම් ටෙලීස් 2014 සම්මාන උළලේ හොඳම ටෙලිනාට්‍ය නළුවා ලෙස කිරුළ හිමිවූයේ විශ්වජිත් ගුණසේකරටයි. 

එහෙත් එහි නිර්දේශීත නාම අතර සාරංග දිසාසේකරගේ නමද තිබුණි. එම නිසා එම සම්මානය සාරංගට ලැබෙයි කියලා තමයි සාරංගගේ ආදරණීය බිරිය වන උමාලි බලාපොරොත්තු වුණේ. එහෙත් එය නොලැබුණු අවස්ථාවේ ඇයට හොරා ඇයගෙන් ඇසෙන් කඳුළු බිඳු කඩා වැටෙන ආකාරය තම දයාබර සැමියාගේ කැමරා කාචායේ සටහන් විණි. එලෙස සාරංග ලබාගත් ඡායාරූප ඔහු ඔහුගේ ෆේස්බුක් පිටුවට එක් කර තිබුණේ This is when I didn't win The Best Actor Award.. යන ශීර්ෂය යටතේයි. 


කෙසේ වෙතත් මෙම සම්මාන උළලේදීම සාරංගට සම්මානයක් හිමි විය. එය අන් කිසිවක් නොවන ජනප්‍රියම නළුවා සම්මානයයි. එම අවස්ථාවේදීම නම් උමාලිගේ මුහුණු දක්නට ලැබුණේ සතුටු සිනාවකි. සාරංග එය ෆේස්බුක් පිටුවට එක්කර ඇත්තේ This is when I won The Most Popular Actor Award.. යන ශීර්ෂයෙනි. 

එම ඡායාරූප පහතින් බලන්න. 

උමාලිගේ ඇසින් කඳුලු වැටුණු ආකාරය






සාරංග ජනප්‍රියම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීමෙන් පසුව උමාලි සතුටු වූ ආකාරය









Share this