පාර්ලිමේන්තුව විසුරුවන රහස අකිලගෙන් හෙළි වුණ හැටි [VIDEO සහිතයි]

පාර්ලිමේන්තුව හෙට (25) බොහෝ දුරට විසුරුවා හැරෙන බව ඉඟියක් අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මුහුණෙන් ඊයේ ප‍්‍රදර්ශනය වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ තවත් ඇමතිවරයෙකු වන සමාජ සුබසාධන ඇමති පී හැරිසන් මහතා අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් ඇසූ ප‍්‍රශ්න කිහිපයක් සමගයි. 


එක්සත් ජාතික පක්ෂය ඊයේ සිරිකොතදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට සහභාගි වූයේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ සමාජ සුබසාධන අමාත්‍ය පී. හැරිසන් මහතායි. එම මාධ්‍ය හමුව නිල වශයෙන් ආරම්භ වීමට පෙර අකිල ඇමැතිවරයාගෙන් පී. හැරිසන් ඇමැතිවරයා ප්‍රශ්න කිහිපයක් අසමින් සිටියදී මේ බව හෙළි වුණා. හැරිසන් ඇමතිවරයා අකිල වි‍රාජ්ගේ මුහුණේ ඇති බැරෑරුම් ස්වරූපයක් දැක කිසි ප්‍රෙෂ් ගතියක් නෑ නේ කියමින් ප‍්‍රශ්න කිහිපයක් අසන්නට වුණා.



කෙසේ වෙතත් එම අවස්ථාව වන විටත් මාධ්‍ය හමුව සඳහා සහභාගි වී සිටි මාධ්‍යවේදීන් තම පටිගත කිරීමේ යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබුණා. එම අවස්ථාවේදී අකිල විරාජ් ඒ බව දැනගෙන මෙන් හැරිසන් ඇමැතිවරයාගේ ප්‍රශ්නවලට ඔළුව වනමින් පිළිතුරු ලබාදුන්නා. එලෙස ප්‍රශ්න අසමින් සිටින අතරතුරදීයි පාර්ලිමේන්තුව විසිරුවීමේ දිනය සම්බන්ධයෙන්ද කතාබහක් ඇති වූයේ. එම වීඩියෝව පහතින් නරඹන්න. 


Share this