වයස 58ක් වුණත් සික්ස් පැක් තියෙන ආච්චි අම්මා

කාන්තාවන් වයසට ගියත් තමන් වයසට ගියා කියලා කියන්න කැමැතිම නැහැනේ. ඒ වගේම තරුණකම රැකගන්න නොකරන දෙයක් නැහැනේ. එහෙත් වයස අවුරුදු 58ක් වන ලස්සන, සරාගී ආච්චි කෙනෙක් නිසා එංගලන්තයේ තරුණයන් මහත් උන්මාදයට ලක්වෙලා කියලා තමයි වාර්තා වෙන්නේ. 

ඇය නමින් ස්ටෙපෙනි ආර්නොට්. එංගලන්තයේ කෙන්ට්හි ඇය ජීවත් වන්නේ. වයස 58ක් වුණාට තමා වයස අවුරුදු 35ක පෙනුමකින් යුක්ත බවයි ඇය පවසන්නේ. ඇයගේ මෙම සුන්දරත්වය හේතුවෙන් ඇයගේ සම වයසේ මිතුරියන් තමා සමග නොරිස්සුම් සහගත වී ඇති බවද පැවසෙනවා. ඇතැමුන් තමන්ට ඊර්ෂියා කරන බවද ඇය පවසනවා. 

ඇයගේ සැමියා වන 66 හැවිරිදි ලැන් පවසන්නේ ඇයගේ මුහුණේ සහ රූපයේ මෙම සුන්දරත්වය පිළිබඳ තමාට අදහා ගත නොහැකි බවයි. 


කෙසේ වෙතත් ස්ටෙපෙනි නම් පවසන්නේ කිසිදු කාය වර්ධන මධ්‍යස්ථානයකට නොගියත් කාය වර්ධනය කරන අයගේ මෙන් තමාට සික්ස් පැක් තිබෙන බවයි. එම නිසා මෙම තරුණ ගැහැනු ළමුන් ඇය ආශ්‍රය කිරීමටත් අකමැති බවයි ඇය පවසන්නේ. 















Share this